ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට

Spread the love

ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි.

අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය ලබාදෙනු ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් මෙලෙස අමෙරිකාවේ සහය හිමිකරගැනීමට හැකි වී ඇත. ජනාධිපතිවරයාගේ දේශීය යාන්ත්‍රණය පිළිබද ස්ථාවරය ගැන අමෙරිකාව විශේෂ පැසසුමකට ලක් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ විදෙස් විනිසුරුවන් නොමැතිව ශ්‍රී ලංකාව තුලදී වගවීමේ ක්‍රියාවලිය ගෙනයාමට මෙවන් පසුබිමක අමෙරිකාවෙන් ජනපති මෛත්‍රී අගය කොට සහය පළකිරීම ශ්‍රී ලංකාවට හිමිවීම ඉතා සුභදායි කාරණයක් බව දේශපාලන විචාරකයින් සඳහන් කළේය.

RSL

Related Posts