ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්!
- RSL
- January 4, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sri Lankan Airlines, Sri Lankan Airlines CEO, Vipula Gunathilake
- 0 Comments
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල ගුණතිලක මහතා පත්කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ.
2018 ජූලි මස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරිවරයා වශයෙන් පත්වීම් ලබා ඇති විපුල ගුණතිලක මහතා, මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ CFO හි සේවය කර ඇති අතර ඇන්ගෝලා හි ජාතික ගුවන් සේවය වන එංගලන්තයේ ටාගස් ඇන්ගෝලන් එයාර් ලයින්ස් හි CFO හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.
එමිරේට්ස් ගුවන් සමාගමේ පාලනයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම යළි ලබාගැනීමේ ක්‍රියාවලියේදී සක්‍රීය දායකත්වයක් දක්වා ඇති විපුල ගුණතිලක, ශ්‍රී ලංකාව, සිංගප්පුරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල සමාගම්වල ප්‍රධාන තනතුරු රැසක් දරා ඇත.
ඔහු CIMA ශ්‍රී ලංකා කලාපීය මණ්ඩලයෙහි හිටපු සභාපතිවරයෙකු වන අතර, ශ්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වයද දරයි.

