ඇමති නිරෝෂන්ට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගෙන් පදක්කමක්

Spread the love

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරීමට රුසියානු රජය තීරණය කර තිබේ.

ඒ 2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය” සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සඳහා කැපවී කටයුතු කළ බැවිනි.

ඒ අනුව අද (11) කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානයේදී අදාළ පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය සිදු කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමන්ගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රධානයක් ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙක් වෙනුවෙන් ලබා දෙන පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතේරි (Yuri Materiy) මැතිතුමන්ගේ සුරතින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය සිදුකිරීමට කටයුතු යොදා කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ද මෙහිදී පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය සිදු කිරීම සිදු කර ඇත.

2017 වර්ෂයේ රුසියානු සමුහාණ්ඩුවේ මොස්කව් නගරයේ පැවති “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය” සඳහා රටවල් 47ක් නියෝජිතයන් සහභාගී විය.

Loading...

RSL

Related Posts