මහින්දගේ මරු මෝස් වැඩ ජනාධිපති ආරක්ෂක අංශයේ කීර්ති නාමයත් කෙළෙසයි

Spread the love

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ තම ඒකාධිපති පාලනය පවත්වාගෙන යෑමටත්, තම පවුලේ අයවලුන්ට බාධාවක් අභියෝගයක් වූ අය මර්දනය සහ ඝාතනය සඳහා ජනාධිපති ආරක්ෂක අංශය භාවිතා කළ බවට කරුණු අනාවරණය වෙමින් පවතින අතර එය ජනාධිපති ආරක්ෂක අංශයේ කීර්තිනාමයට කැළැලක් වී ඇත.

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක මොහොමඩ් වසිම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී ඊට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ සේවය කළ ජනාධිපති ආරක්ෂක අංශයේ ඇතැම් පුද්ගලයින්ගේ නම් සහ එම මරණය සිදු දිනයේ චර්යාවන් සහ එම ඝාතනය යටගැසීම සඳහා රාජකාරී වාර්තාපොත්, දෛනික සටහන් පවා වෙනස් කොට ඇතිබව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

හිටපු ජනපති ආරක්ෂක සේනාංකයේ මඟින් දෛනික රාජකාරි සම්බන්ධ පවත්වාගෙන යනු ලැබු ලේඛනය සම්බන්ධයෙන් කර්නල්වරු, මේජර්වරු, කපිතාන් හා සෙසු නිලයන් සම්බන්ධ නිලධාරින් 25දෙනකුගේ ප්‍රකාශ ලබා ගත් බවත් තවත් සෙසු නිලයන් සම්බන්ධ නිලධාරින් 14 දෙනකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැදවා ඇති බවට ද රහස් පොලිසිය ඊයේ(27) අධිකරණය වෙත දැන්විය.

දුරකථන කුලුනුවලින් 2012/5/16 හා 17 අළුයම් කාලයේ සම්ප්‍රේෂණය වු සැක සහිත දුරකථන අංක හිමි පුද්ගලයින් පරික්ෂා කර දිර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගත් බවත් පුද්ගලික ඔත්තුකරුවන් ලබා දුන් තොරතුරු අනුව විමර්ශන සදහා කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසිය. සිද්ධිය වු දින තාජුඩින්ගේ වාහනය ලුහුබැඳ ගිය වියොස් වර්ගයේ වාහනය සම්බන්ධයෙන් කරනු ලැබු විමර්ශනයේ දි එම වර්ගයේ වාහන සම්බන්ධ වාර්තා කැඳවා විමර්ශන පවත්වන බවට ද රහස් පොලිසිය මහෙස්ත්‍රාත්වරයා වෙත දැන්විය.

දෙවන සැකකරු වන අනුර සේනානායක මහතා විසින් අධිකරණයේ සිදු කරනු ලැබු ප්‍රකාශ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කරන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය. අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් ලබන මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට‍ නියම කළේය.

RSL

Related Posts