කොළඹට ලොකු වෙනසක් අතලඟ!

Spread the love

කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 3000 ක්‌ පමණ තිබෙන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව මගින් නොබෝදා සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

කාලයක පටන් පවතින අවිධිමත් තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එම අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයි එහි සභාපති අසේල ඉද්දවල මහතා පවසයි.

ඇළ මාර්ග, පහත් බිම් හා මළ නාලිකා පද්ධති අවහිර වන අයුරින් මෙම බොහොමයක්‌ අනවසර ගොඩනැඟිලි ඉදිකර ඇති බවද නගරය සංවර්ධනයේදී හා ගංවතුර පාලනය කිරීමේදී ඒවා කඩිනමින් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි ද ඒ මහතා කීය. මහානගර හා බස්‌නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශය මගින් කොළඹ නගරයේ පැල්පත්වාසීන් 68,000 ක්‌ සඳහා ඉදිකිරීමට යෝජිත නිවාස සංකීර්ණ වැඩසටහනට අනවසර ඉදිකිරීම් සහිත නිවාස හිමියන්ට ද නිවාස ලබා දීමට යෝජනා කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මණ්‌ඩලය විසින් කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් පිළිබඳව මිනුම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්‌ කැඳවා ඇත.

RSL

Related Posts