කරූට කැප දේ රතන හිමිට අකැපද..?

Spread the love

පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමානයේ ජාතික හෙළ උරුමයේ උප සභාපතිධුරය හෙබවන නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාද පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා වන අතර එසේ පත් වූ ඔහු හෙළ උරුමයේ උප සභාපතිත්වයට පත්විය. නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා එලෙස කටයුතු කරද්දී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට පමණක් හෙළ උරුමයෙන් මෙවැනි නියෝගයක් මතින් බලපෑම් කිරීම ප්‍රශ්නාර්ථයක් මතුකරයි.

එසේම රතන හිමියන් ජාතික හෙළ උරුමය නැමැති පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වුවද වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වන බව කිසිඳු තැනක සඳහන් කර නොසිටියේය.

එම නිසා ජාතික හෙළ උරුමය තමන්ට අවැසි පරිදි කබරගොයා තලගොයා කරගැනීමේ ප්‍රතිපත්තියක නිරත වන බවට දේශපාලන විචාරකයෝ පවසති.

RSL

Related Posts