පුංචි ඡන්දය කල් දැමීමේ තක්‌කඩිකමට – ජ.වි.පෙ. නායක කියයි

Spread the love

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ තක්‌කඩි නිර්ලඡ්ජිත උත්සාහයට අධිකරණයෙන් විසඳුමක්‌ නොලැබෙන්නේ නම් එම ගනුදෙනුව විස¹ ගැනීම සඳහා මහ පාරට බසින බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම සටනට තමන් සමඟ එක්‌ වන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව කීවේය.

කිසිදා එකට අසුන් ගෙන එකට උද්ඝෝෂණය කිරීමට නොසිතූ කණ්‌ඩායම් සමඟද එක්‌ව මෙම සටන ජය ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම් බව දිසානායක මහතා අයවැය විවාදයට එක්‌වෙමින් ප්‍රකාශ කළේය. දිසානායක මහතා ඉතා ආවේගශීලී ලෙස මෙම කතාව කරද්දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සභා ගැබ තුළ ඊට සවන් දෙමින් සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

පළාත් පාලන ඡන්දය අවුරුදු දෙකහමාරකට වඩා පමා වී තිබෙනවා. මේ පළාත් පාලන ආයතන සම්බන්ධව ගොනු කළ නඩුව කිසිසේත්ම යුක්‌තියේ සාධාරණත්වය ඉල්ලා ගොනු කළ නඩුවක්‌ නොවේ. තම කිළිටි, කැත, වංක උවමනා ඉටු කර ගැනීමට අධිකරණය උපයෝගී කර ගැනීමක්‌. මෙය හෙළා දකිනවා. මේ නඩුව ගොනු කළේ කවුද? ඩිලාන් පෙරේරාගේ බදුල්ලේ සමීපතමයෙක්‌. ලක්‌ෂ්මන් යාපාගේ පුතාගේ සම්බන්ධීකරණ ලේකම්. දයාසිරි ජයසේකරගේ දේශපාලන හිතවතෙක්‌. මේ නඩුව ආණ්‌ඩුවේ එක්‌ පාර්ශ්වයක්‌ විසින් හිතාමතා ඡන්දය කල්දැමීම සඳහා ගන්නා වංක උත්සාහයක්‌.

මේ අවස්‌ථාවේ ජනාධිපතිතුමා සිටීම සතුටක්‌. අද ඔබ සමීපයේ සිටින අය එදා ජනවාරි 08 ට කලින් හිටියේ ඔබට පිටුපාලා. එස්‌. බී., දයාසිරි, විජිතමුණි ඒ කාලේ කළ කතා ඇතුළත් වීඩියෝපට ෙෆaස්‌බුක්‌ එකේ මේ දිනවල යනවා. එදා ඔබතුමාට කී දේ අනුව අද මේ වෙනස්‌වීම සිදු වන්නේ කොහොමද?

විජිත් විජිතමුණි සොයිසා මහතා – ඔය පරණ වීඩියෝපට ඔක්‌කොම 78, 80, 89 සිට අරගන්න.

අනුර දිසානායක මහතා – කලබල වෙන්න එපා. වාඩි වෙන්න ඒ කලබල වීම බලාපොරොත්තුවෙන් තමයි මම නැගිට්‌ටේ. ජනවාරි 08 ජනවරම පිටුපස සිටින්නේ වර්ධනය වූ ඒකාධිපති ගමන පරාජයට පත් කිරීමයි. දෙවරකට සීමා වූ ජනාධිපති තෝරා ගැනීම දීර්ඝ කිරීම, කොමිෂන් සභා අහෝසි කිරීමේ දහඅට වැනි සංශෝධනය ගෙන ඒම වැනි ඒකාධිපති වියරුව පරාජය කළ යුතුව තිබුණා. ඒ නිසා වර්තමාන ජනාධිපතිට වගකීමක්‌ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කිරීමට. වේදිකාවේ කරන සානුකම්පිත හැඟීම් නොවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මේකට ගමේ කියන්නේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. හක්‌කේ බුදුරැස්‌ බොක්‌කේ දඩ මස්‌ කියලා.

මා මේ කතාව කළ පසු බොහෝ අය 88, 89 ඇති වූ සිවිල් යුද්ධය ගැන කරුණු කියන්න පුළුවන්. ඒ සිවිල් යුද්ධය ඕපපාතිකව නිර්මාණය වුණා නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි හැමදාමත් විශ්වාසය තැබූ පක්‌ෂයක්‌. අපි එදත් ජාතිවාදයට එරෙහි වුණා. කළු ජූලියේදී අපි හිටියේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තේ. ඒත් අපිව තහනම් කළා. පක්‌ෂයට මර්දනය ගෙනාවා. කවර මර්දනයකට හෝ බිය වන අත්හරින පක්‌ෂයක්‌ නොවේ අපි.

මර්දනයට එරෙහිව අපි දේශපාලනය කළා. අපි අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒ නිසා මා කතා කරන දේට 88 – 89 න් ගහන්න යන්න එපා. ඒක ලාභ දේශපාලනයක්‌. බොහෝ දෙනෙක්‌ රාජපක්‌ෂගේ, ගෝඨාභයගේ මර්දනයට බිය වී සිටිද්දී අපි ඒ මර්දනයට එරෙහිව කටයුතු කළා. 88 – 89 ඉතිහාසය ගැන ගැඹුරු සංවාදයකට අපි ලෑස්‌තියි. අපේ කාර්යභාරය ගැන අපට ඇගයීමක්‌ තියෙනවා. ඒa කාර්යභාරයේදී අතපසුවීම් ගැනත් අපට ඇගයීමක්‌ තියෙනවා. අපිව මර්දනය කරන්න ආවාම ඒ මර්දනයට එරෙහිව අපි අවි ගත්තා. මාඕ සේතුං කියනවා යුද්ධයක්‌ යනු රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ නොවේ කියා. අතීතයේ වූ දේ ගැන අවංක කනගාටුවක්‌, වේදනාවක්‌ අපට තිබෙනවා.

94 න් පස්‌සේ අවුරුදු 23 ක්‌ තිස්‌සේ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්නවා. 88 – 89 ඉතිහාසය ගොඩනැඟූ තත්ත්වය ගැන දවස්‌ දෙකක තුනක විවාදයකට මම සූදානම්.

මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අප මොනවද නොකළේ. දිවා රාත්‍රි නොබලා වැඩ කළා. සීමා නිර්ණය සම්මත කරන්න, ආඥ පනත් සම්මත කරන්න උත්සුක වුණා. පසුගිය 09 වැනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්‌ කැඳවලා නගර සභා, මහ නගර සභා ආඥ පනත් සම්මත කර ගත්තා. ඒත් ෆයිසර් මේක තියාගෙන සෑහෙන කලක්‌ හිටියා. ඉන්පසුවයි ඔහු මේ කුමන්ත්‍රණය කළේ. ඒක කළේ කාගේ උවමනාවටද? මේක කුමන්ත්‍රණයක්‌. ඡන්දයට මුහුණ නොදීමේ අභියෝගයන් තිබෙනවා. ශ්‍රීලනිපයේ බෙදීමක්‌ වුණොත් ජනාධිපතිගේ පාර්ශ්වය කුඩා වෙනවා. කුඩා වුණාම 2015 ජනවාරි 08 ලැබූ ලක්‌ෂ 62 ක ජනවරම තමන් පසුපස නැති බව හෙළි වෙනවා.

එක ජනවරමකට තව ජනවරමක්‌ යට විය යුතු නෑ. ජනවාරි 08 වැනිදා ඔබට ලබාදුන් ජනවරම පිළිගත් දේශපාලන පක්‌ෂයක්‌ අපි. ඒ ජනවරම සංසන්දනය කළ යුත්තේ තවත් ජනාධිපතිවරණයක්‌ සමඟයි. ඒ ජනවරම ලැබූ ඡන්ද සංඛ්‍යාව පළාත් පාලන ඡන්දයක ලබන ඡන්ද සමඟ සසඳන්න බෑ. ඒත් බියක්‌ ඇතිව තිබෙන බව පෙනෙනවා. අපි හොඳට දේශපාලන ඉවක්‌ තිබෙන දේශපාලන ව්‍යාපාරයක්‌. අපේ අනාවැකි වැඩි ප්‍රමාණයක්‌ සත්‍ය වී තිබෙනවා.

තමන් ගැසූ ගැසට්‌ නිවේදනය අධිකරණයෙන් ප්‍රතික්‌ෂේප වුණා නම් පළාත් පාලන ඇමැතිවරයා ඉල්ලා අස්‌ විය යුතුයි. මා දන්නා ෆයිසර්ට වරදින්න බෑ. වැරදි ගැසට්‌ පත්‍රයක්‌ හිතාමතා ඇදෙන්න ෆයිසර් ඇමැතිවරයා ඉඩ දුන්නා. ඇමැතිට එරෙහිව අද උසාවියේ නඩුවක්‌. ඇමැති කෝ. රට ගිහින්. ඔහු ලංකාවේ ඉඳලා නඩුවට මුහුණ දිය යුතුයි. මේවා නිකංම වෙනවා කියා විශ්වාස කරනවාද? ඇමැතිට එරෙහිව නඩුවක්‌ තියෙද්දී රට යනවා. මේ ගැසට්‌ එකේ වරදට ඇමැති වගකිව යුතුයි. ඒ වරද දැන දැන ගැසට්‌ එක ගැහුවා. ඒ ඡන්දය කල්දාන්න පිඹුරුපත් හැදුවා. කවුද මේ නඩුව දැම්මේ. නඩුවට පෙනී ඉන්නේ ෆයිසර් මුස්‌තාපාගේ පියාගේ කනිෂ්ඨ නීතිඥවරයා. මේවා අහඹු සිදුවීම්ද?

ෆයිසර් ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌ වුණේ නැත්නම් ඉල්ලා අස්‌ කරන හැටිත් අපි දන්නවා. මේවා සැලසුම් සහගත නඩු.

ඉතිහාසයේ ගේම් ගහපු නායකයන්ට උරුම වුණේ මොනවාද? ගේම්වලින් ජය ගන්නවා නම් තවමත් රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්‌ෂ. ගේමෙන් ලැබෙන්නේ කෙටිකාලීන සතුටක්‌. ඒත් එය දිගු කාලීනව ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයයි. මැතිවරණවලට බියේ පලා යන නායකයන්ට උරුම වූ දේ ගැන අපි දන්නවා. එම නිසා මේ තත්ත්වය වර්තමාන ප්‍රධානීන්ට උරුම නොවේවා· දේශපාලනය දිග හැරෙන්නේ ප්‍රාර්ථනාවෙන් ඔබ්බට. මේ ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණය අනිවාර්යෙන්ම පරාජය කළ යුතුයි. මැතිවරණය කල් දැමීම නිසා අපේ රටේ ලේ හැළුණු ඉතිහාසයක්‌ තියෙන්නේ. ප්‍රභාකරන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්න පෙළඹුණේ මැතිවරණ කල්දැමීම නිසා. මේ නැවතත් ලේ කඳුළුවලින් මේ බිම තෙත් කරන්න ඕනෑ වෙලාවක්‌ද? ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම හරහා ලෝක ඉතිහාසය වැඩි අත්දැකීම් සංඛ්‍යාවකට අපි මුහුණ දී තිබෙනවා.

මේක සරල නඩු තීන්දුවක්‌ නොවේ. ෆයිසර්ට විරුද්ධ නඩුවට තාත්තාගේ ජූනියර් පෙනී සිටිනවා. මේක මුස්‌තාපාට එරෙහි මුස්‌තාපා නඩුවක්‌. කරුණාකරලා මේ නඩුව ඉල්ලා අස්‌ කරගන්න. ඒ සඳහා තවමත් කාලය තියෙනවා. මේ මැතිවරණය ලබා ගැනීම සඳහා ගත හැකි සෑම උත්සාහයක්‌ම අපි ගන්නවා. ඒ සඳහා අධිකරණයෙන් ලබා ගත හැක්‌කේ කුමන ක්‍රියාමාර්ගයක්‌ද මේ හැම එකකටම අපි මැදිහත් වෙනවා. මේ නඩුව යළි විමසන්න නියම කර තිබෙන්නේ දෙසැම්බර් 04 දා. අද වාරණයක්‌ ලබා දී තිබෙනවා. දෙසැම්බර් 04 ට කලින් මේ නඩුව ගන්න. මේ නඩුව අවසන් වෙන්න ජනවාරි දක්‌වා කල් ගනීවි. උසාවියේ නිවාඩු කාලය එනවා. අපිට අධිකරණයෙන් නීතිමය ලෙස කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්‌ම මේ ඡන්දය ලබා ගැනීමට සිදු කරනවා. ඒත් සමහර දේවල් අධිකරණයෙන් බේරා ගන්න බෑ. අපි ලෑස්‌තියි මේ ගනුදෙනුව මහ පාරේදී බේරා ගන්න.

අපි අතර දේශපාලන වෙනස්‌කම් මොනවා තිබුණත් ඕනෑම කෙනෙක්‌ සමඟ එක්‌ව මේ මැතිවරණය ලබා ගැනීම සඳහා සටන් කරන්න අපි ලෑස්‌තියි. හිතුවක්‌කාරි, තක්‌කඩි දේශපාලන පොතක්‌ ඉල්ලනවා නම් ඒ වර්ගයේ පොතකට හෝ දේශපාලන ව්‍යාපාර පෙළගස්‌වන්න අපි සූදානම්. අපි ආරාධනා කරනවා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාට, සිවිල් කණ්‌ඩායම්වලට ඡන්ද අයිතිය පැහැර ගැනීමේ නිර්ලඡ්ජිත තක්‌කඩි උත්සාහය පරාජය කිරීමට එකතු වෙමු කියලා.

දිනන තුරු ඡන්දයක්‌ තියෙන්නෙ නෑ කියා කියනවා නම් කවදාවත් ඡන්දයක්‌ තියන්න ලැබෙන්නේ නෑ. මොකද තමුන්නාන්සේලා කවදාවත් දිනන්නේ නෑ.

RSL

Related Posts