ජාතික කොඩිය වෙනස් විය යුතුයි – සේනාධිරාජා කියයි

Spread the love

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් අනුව වත්මන් ජාතික කොඩිය තුළින් දෙමළ ජනතාව සහ අනෙකුත් සුළු ජනතාව නියෝජනය නොවන බැවින් එම ජාතික කොඩිය පිළි නොගන්නා බව එම පක්ෂයේ සාමාජික මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. ඊයේ(22) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් ජාතික උත්සව වලදී වත්මන් ජාතික කොඩිය සම්ප්‍රදායක් ලෙස ඔසවන බව ඔහු ප්‍රකාශ කරයි.

වන ව්‍යවස්ථාව නිර්මාණය කරන විට දෙමළ ජනතාව සහ සුළු ජාතික ජන කොටස් නියෝජය වන පරිදි ජාතික කොඩියද වෙනස් විය යුතු බව ඔහු අවධාරණය කර සිටියි. එය එසේ වන්නේ නම් එය මේ අවස්ථාවේ විය යුතු හොඳම දේ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RSL

Related Posts