සුදු කොඩි නඩුව අද අධිකරණයේදී යළිත් විභාගයට

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි නඩුවට අදාළව අධිකරණය හමුවට කැඳවනු ලැබූ සාක්‍ෂිවලින් පැමිණිල්ලේ නඩුව තහවුරු කර තිබෙන බැවින් විත්තියේ සියලු සාක්‍ෂි ප‍්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් බුවනෙක අළුවිහාරේ මහතා අද (06 ඔක්.) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අනුර කුමාර හා කරූ ජයසූරිය මහත්වරුන් විසින් ලබාදුන් සාක්‍ෂි වලින් පැමිණිල්ලේ නඩුව තහවුරු කර තිබෙන …

Continue Reading

පක්ෂයේ කැරළිකරුවන්ට ජවිපෙ නායකයින් පිළිතුරු දෙයි

ඊයේ (05 ඔක්.) සවස කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ තීරණාත්මක රැළියකදී එහි නායක සොම්වංශ මහතා පැවසුවේ තමා තනතුරු ලබා ගත්තේ වරප්‍රසාදයන් ලෙස නොව වගකීම ලෙස සිතමින් බවයි. මෙම රැළියේ බොහෝ ප‍්‍රධාන කථිකයින් පක්‍ෂයේ  කැරළිකාර  කණ්ඩායමේ චෝදනා වලට පිළිතුරු දෙන ආකාරයකින් කතා කරනු පෙණින. ජනතා විමුක්ති පෙරමුණේ නායක කාරකාදීන් මේ කචල්කරුවන් ගැන කුමක් කියනු ඇතිදැයි බැලීම සඳහා විශාල පිරිසක් …

Continue Reading

ජනපති කොළඹ පැල්පත්වාසීන් හමුවේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 ඔක්.) කොළඹ නගරයේ පැල්පත් නිවාස ආශි‍්‍රත ප්‍රදේශ කිහිපයක චාරිකාවක නිරත විය. මාළිගාවත්ත, ඇපල්වත්ත, සෝමාලියාව වත්ත, මෝදර, වැල්ලවත්ත, මයුර පෙදෙස ආදී ප්‍රදේශ කිහිපයක, නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිවරයා එම ප්‍රදේශයන්හි පවතින ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙනබවට පොරොන්දුවිය. පැල්පත්වාසීන්ගේ නිවාසයන්හි තත්ත්වය සොයා බැලීමට ගිය ජනාධිපතිවරයා, ජනතාවට ඔවුන් පදිංචි ස්ථානයන්ට වඩා හොඳ නිවෙසක් ලබාදීම රජයේ අරමුණ වී …

Continue Reading

ආරක්ෂක ලේකම්වරයාට් එරෙහිව මාධ්‍යවේදියකුගෙන් පැමිණිල්ලක්

‘රාවය’ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මැතිවරණැ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා වේ. කොළඹ නගරාධිපති ධූරය සඳහා එජනිසෙන් තරඟ වදින මිලින්ද මොරගොඩට සහාය වීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා ඔක්තෝබර් 03 වැනිදා කොම්පඤ්ඤ වීදිය …

Continue Reading

ගාල්ල මාතර ඡන්දය නියමිත පරදි

ගාල්ල හා මාතර මහ නගර සභා‍වල ඡන්ද විමසීම ද සැලසුම් කළ පරිදි ලබන 8 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් දේශප්‍රිය මහතා කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, දේශපාලන පක්ෂ නායකයින් හා පොලිසිය සමඟ ඊයේ (05 ඔක්.) පස්වරුවේ කළ සාකච්ඡාවලින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබිණි. ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී විජේරත්න සකලසුරිය පැවසුවේ මේ පිළිබදව සාකච්ඡා කිරිමට ඊයේ පස්වරුවේ මැතිවරණ කොමසාරිස්වරයා …

Continue Reading

රජයේ නොසැලකිලිමත්කම විශ්වවිද්‍යාල තුළ ගැටලු උග්‍රවීමට හේතුවයි – වෘත්තීය සමිති

රජයේ නොසැලකිලිමත් බව විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු උග්‍රවීමට හේතු වී ඇති බවත් අදාළ තත්ත්වයන් මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින් සහ අනධ්‍යන සේවකයින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති පවසයි. පොරොන්දු වූ පරිදි මෙවර අයවැයෙන් තම ගැටලු විසදීමට බලධාරින් ක්‍රියා නොකළහොත් නැවතත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්ම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් පැවසීය. අන්තර් විශ්ව විද්‍යාලයිය …

Continue Reading

ඡන්දෙ දුන් නැත්නම් ගෙවල් කඩනවලු, බලමු කොහොමද කඩන්නේ කියලා – රනිල් වික්‍රමසිංහ

පසුගිය දා සේදවත්තේදී පැවති ජන හමුවකදී කොලොන්නාව නගර සීමාවේ කිසිදු නිවසක් කඩා ඉවත් කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය. අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් 8,000ක් ෆැල්ට් කරනවා කියලා කියලා තිබෙනවා. ෆැල්ට් කරායින් පස්සේ ඕගොල්ලෝ කොහේද යන්නේ. සමහරුන්ට වව්නියාවට යන්න කියලා තියනවා. අනික් අයට හෝමාගමට යන්න කියලා තියෙනවා. ඉතුරු උන අයවට කැලණි ගඟට පනින්න කියලා තියෙනවා. ඒකයි සිදුවෙලා තියෙන්නේ. ඒකටද …

Continue Reading

Lion King 3D පරදා Dolphin Tale ඉදිරියට

පිට පිටම සති දෙකක් උතුරු අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු ස්ථානය හිමි කරගත් “The Lion King 3D” චිත්‍රපටය පරදවමින්“Dolphin Tale” චිත්‍රපටය පළමු ස්ථානය හිමිකර ගත්තේය. ආරම්භක සති අන්තය තුළ “Dolphin Tale” චිත්‍රපටය උතුරු අමෙරිකාවේ ප්‍රදර්ශනය තුළින් උපයන ලද ආදායම ඩොලර් මිලියන 14.2කි. සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් රගන “Moneball” චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතර දෙවන ස්ථානය හිමි කර ගත් අතර “The Lion King 3D” චිත්‍රපයට තෙවන ස්ථානය හිමි …

Continue Reading

මැතිවරණය තුළ රනිල් නායකත්වය රැකගැනීමේ අරඟලයක – මෛත්‍රීපාල සිරිසේන

මැතිවරණය තුළ රනිල් වික්‍රමසිංහ නායකත්වය රැකගැනීමේ අරඟලයක යෙදී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04 ඔක්.) පැවති මාධ්‍ය හමුවකදීය. “මේ මැතිවරණ විසිතුන තුළත් රනිල් වික්‍රමසිංහ මහත්මයා තම නායකත්වය රැක ගැනීමේ මහා අරගලයක යෙදිලා තියෙනවා. මේ මැතිවරණ විසිතුනේ ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත්වන ඊළඟ පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ල සඳහා ඉඩකඩක් සහ අවස්ථාවක් …

Continue Reading

සාම්පූර් බලාගාරයේ සම්පූර්ණ වාර්තාවක් ලබන ජනවාරියේදී

ඩොලර් මිලියන 700ක වියදමින් ත්‍රිකුණාමලයට ආසන්න සාම්පූර් ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තාපවිදුලි බලාගාරය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් ලබන ජනවාරි මාසය වන විට සකස් කොට අවසන් කිරීමට එහි එක් ඉදිකිරීම් පාර්ශ්වකරුවෙකු වන ඉන්දියාවේ එන්ටීපීසී සමාගම අපේක්‍ෂා කරයි. ශි‍්‍ර ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව ඩොලර් මිලියන 700ක වියදමින් ඉදිකිරීමට යන මෙගාවොට් 500ක ධාරිතාවකින් යුත් එම බලාගාරය ඉන්දීය සමාගමේ පළමු විදෙස් ව්‍යාපෘතිය වන බව …

Continue Reading