ගාල්ල මාතර ඡන්දය නියමිත පරදි

Spread the love

ගාල්ල හා මාතර මහ නගර සභා‍වල ඡන්ද විමසීම ද සැලසුම් කළ පරිදි ලබන 8 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් දේශප්‍රිය මහතා කර ඇති බව වාර්තා වේ.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, දේශපාලන පක්ෂ නායකයින් හා පොලිසිය සමඟ ඊයේ (05 ඔක්.) පස්වරුවේ කළ සාකච්ඡාවලින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබිණි.
ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී විජේරත්න සකලසුරිය පැවසුවේ මේ පිළිබදව සාකච්ඡා කිරිමට ඊයේ පස්වරුවේ මැතිවරණ කොමසාරිස්වරයා ගාල්ලට පැමිණි බවත් එහිදී ගාල්ල නගරයේ අපේක්ෂකයින් විසින් පවත්වනු ලබන නීති විරෝධී පෙළපාලි ඇතුළු මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනය සදහා දේශපාලන පක්ෂ නායකයින් හා පොලිසිය මැතිවරණ කොමසාරිස්වරයාට සහතික වූ බවත්ය.
අදාළ පළාත් පාලන බල ප්‍රදේශවල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු ශීංඝ්‍රයෙන් ඉහළගොස් ඇති බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට ලැබුණු පැමිණිලි සලකා බලා මෙම සාකච්ඡා පැවැත්විය.

RSL

Related Posts