ඡන්දෙ දුන් නැත්නම් ගෙවල් කඩනවලු, බලමු කොහොමද කඩන්නේ කියලා – රනිල් වික්‍රමසිංහ

Spread the love

පසුගිය දා සේදවත්තේදී පැවති ජන හමුවකදී කොලොන්නාව නගර සීමාවේ කිසිදු නිවසක් කඩා ඉවත් කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය.
අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් 8,000ක් ෆැල්ට් කරනවා කියලා කියලා තිබෙනවා. ෆැල්ට් කරායින් පස්සේ ඕගොල්ලෝ කොහේද යන්නේ. සමහරුන්ට වව්නියාවට යන්න කියලා තියනවා. අනික් අයට හෝමාගමට යන්න කියලා තියෙනවා. ඉතුරු උන අයවට කැලණි ගඟට පනින්න කියලා තියෙනවා. ඒකයි සිදුවෙලා තියෙන්නේ. ඒකටද ඡන්දේ දෙන්නේ කියලා මම අහන්න කැමතියි. අපි ඉන්නේ කොළඹ නගරය බේරගෙන, කොලොන්නාව බේරගෙන, කෝට්ටේ බේරගෙන හැම ප්‍රදේශයම බේරන්න. මෙතන ලොකුවට කියනවලු. ඡන්දෙ දුන් නැත්නම් කඩනවලු ගෙවල් 8,000. බලමු කොහොමද කඩන්නේ කියලා. කොලොන්නාව නගර සභා‍ව කඩන්න එපා කිව්වයින් පස්සේ ලංකාව ඇතුළෙත් නෙමෙයි ලෝකේ වටේ ගිහිනුත් මේ ගෙවල් ඔක්කෝම ආරක්ෂා කරන්න. කොළඹ නගර සභාව, කොලොන්නාව නගර සභාව, කෝට්ටේ නගර සභාව, දෙහිවල – ගල්කිස්ස ඔක්කෝම ක්‍රියා කරනවයි කියලා මං කියන්න කැමතියි”

[youtube B9WUQKYy-SY]

 
 
 

RSL

Related Posts