සුදු කොඩි නඩුව අද අධිකරණයේදී යළිත් විභාගයට

Spread the love

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි නඩුවට අදාළව අධිකරණය හමුවට කැඳවනු ලැබූ සාක්‍ෂිවලින් පැමිණිල්ලේ නඩුව තහවුරු කර තිබෙන බැවින් විත්තියේ සියලු සාක්‍ෂි ප‍්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් බුවනෙක අළුවිහාරේ මහතා අද (06 ඔක්.) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අනුර කුමාර හා කරූ ජයසූරිය මහත්වරුන් විසින් ලබාදුන් සාක්‍ෂි වලින් පැමිණිල්ලේ නඩුව තහවුරු කර තිබෙන බවත් එවැනි ප‍්‍රකාශයක් සිදුකර ඇතැයි ඔවුන්ද පිළිගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් තහවුරු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
2009 දෙසැම්බර් 03 දින සන්ඬේ ලීඩර් පුවත්පතේ සුදු කොඩි ප‍්‍රකාශයට අදාළ පුවත පළවීමෙන් අනතුරුව මේ දක්වා එය වැරදිසහගත බවට එම පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඞ්රිකා ජෑන්ස් විසින් පිළිගෙන නැති බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.


RSL

Related Posts