32 වන ජාතික යොවුන් නාට්‍ය උළෙල 17 වනදා සිට ලයනල් වෙන්ට් හිදී

මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙල ලබන 17 වනදා සිට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ. ජාතික යොවුන් නාට්‍ය උළෙල මෙසේ පැවැත්වෙන්නේ තිස් දෙවන වතාවටයි. ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම නාට්‍යය උළෙල සංවිධානයකොට තිඛෙන අතර එදින සිට සෑම දිනකම පස්වරු 6.30 ට නාට්‍ය වේදිකාගත කෙරේ. මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා සිංහල කෙටි නාට්‍යය 12 ක් …

Continue Reading

ආනයනය කරන දෙයින් නොව අප සතු සම්ප්‍රදායන් තුලින් අභියෝග ජය ගනිමු – ජනපති

අප ජාතීන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් ජය ගැනීම සඳහා අපට හැකි වූයේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ සංස්කෘතික සම්ප‍්‍රදායන්, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මිස වෙනත් රටවලින් ආනයනය කරන ලද විසඳුම් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනේ අද්දු නගරයේ හිතාදූ සම්මේලන මධ්‍යස්ථානයේ දී 17 වන සාර්ක් කලාපීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව අමතමින් පවසා සිටියේය. සාර්ක් කලාපයේ අසහාය ශක්තියකින් යුත් මින්ස් සම්පත් ඇති බව පෙන්වා …

Continue Reading

ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සංගමයේ ආසියානු සභාපතිත්වය රනිල් වික්‍රමසිංහට

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ ආසියානු පැසිෆික් කලාපයේ සභාපතිවරයා ලෙස ඊයේ (10) යළිත් නිතරඟයෙන් තේරීපත්විය.මේ අතර, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (10) කැනේඩියානු මුදල් අමාත්‍ය ජිම් ෆ්ලැහර්ටි මහතා ද හමුවී මෙරට දෙමළ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම සහ ඒ සඳහා රජය සහ දෙමළ සන්ධානය පවතින සාකච්ජා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර ඇත. එමෙන්ම, විපක්ෂ නායකවරයා බි‍්‍රතාන්‍ය …

Continue Reading

ලබන වසරේ ඉතාලි රැකියා අවස්ථාවන් 50,000 ක්

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලියේ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට අවස්ථාව උදාවන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ, ශ්‍රි ලංකා රජය සහ ඉතාලි රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම රැකියා අවස්ථා හිමිවනු ඇති බවයි. ඒ අනුව ලබන වසරේ රැකියා අවස්ථා 3,000 – 50,000 අතර සංඛ්‍යාවක් ලබාදිමට ඉතාලි රජය එකඟතාව පළ කර තිබේ. අමාත්‍යවරයා පැවසුවේ, …

Continue Reading

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීම පනත වැඩි ඡන්ද 76 කින් සම්මත වේ

පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 76 කින් පාර්ලිමේන්තුමේදී ඊයේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 46 ක් ද ලැබිණි. ආණ්ඩුව සමඟ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එ.ජා.ප.ය, ප්‍ර.ජා.සංධානයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ. මෙම …

Continue Reading

ශ්‍රී ලංකා ආධාරවලින් මාලදිවයිනේ මහමාර්ගයක් ඉදිවේ

දහහත් වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට මාලදිවයින බලා ඊයේ (9 ඔක්.) පිටත්ව ගිය අතර අද්දු ගැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කුඩා දැරියක හා දරුවකු විසින් පිළිගන්නා ලදි. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සහ ජනාධිපති ආර්යා ලයිලා අලි අබ්දුල්ලා මහත්මිය ද ඊට සහභාගී විය. මේ අතර ශ්‍රී ලංකා රජයේ ආධාර …

Continue Reading

පාලනයකින් තොර වෙබ් අඩවි රටේ කීර්තිනාමයට හානියක්

කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

Continue Reading

රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන්නේ නැහැ – අගමැති

රජය කිසිවිටකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා නොකරන බව අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න ඊයේ (09 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි. මෙම පනත පිළිබඳ විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කරගෙන සිටින බව ද ඔහු සදහන් කළේය. අග්‍රාමාත්‍යවරයා අවධාරණ කළේ, ආණ්ඩුව පොදු දේපල කොල්ල නොකන බවය‍. විවාදයට එක්වෙමින් එක්සත් …

Continue Reading

පනත සම්මත වුණොත් ලේඛනගත ව්‍යාපාර ඉබේම රජයට

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මෙසේ පැවසීය. “කුමන ව්‍යාපාරද කුමන වත්කම් ද අත්කරගන්නේ කියලා නිර්නායක කිහිපයක් මේ පනතේම සඳහන් වෙලා තියෙනවා. දෙවැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා නීතිය සම්මත වූ විගසම කථානායකවරයාගේ අත්සන ලැබුණු පසු අර උපලේඛනයේ සඳහන් වත්කම් හා ව්‍යාපාර කෙලින්ම රජයට පැවරෙනවයි කියලා. එතකොට අර නිර්නායකවලින් කිසිම ප්‍රයෝජනයක් …

Continue Reading

ඉන්දීය අත්අඩංගුවේ ලාංකීය ධීවරයින් 05 දෙනෙකු යළි දිවයිනට

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්ත බලධාරීන්ගේ අත්අඩංගුවේ සිට නිදහස ලැබූ මෙරට ධීවරයින් 05 දෙනෙකු ඊයේ (08 නොවැ.) යළි දිවයිනට පැමිණියේය. මෙම ධීවරයින් පිරිස පසුගිය ජූලි මාසයේදි මිරිස්ස, බේරුවල හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශවලින් මුහුදු ගොස් තිබේ. ඔවුන් පවසන්නේ මුහුදු සීමා උල්ලංඝනය කිරිමේ වරදට එරට ආරක්ෂක අංශවල භාරයට පත් තමන්ට මාස 3ක පමන කාලයක් ඔරිස්සා ප්‍රාන්තයේ අත්අඩංගුවේ සිටීමට සිදු වූ බවය.

Continue Reading