දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබද පර්යේෂණ වාර්තාව එළිදකී

කාන්තා දේශපාලන සහභාගීත්වය පිළිබද ප්‍රතිපත්ති සහ භාවිතාවන් සිතියම්ගත කිරීම සදහා දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබදව One Text Initiative සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ෆින්ලන්තයේ දේශපාලන පක්ෂ යන ආයතනයන් විසින් ඉදිරිපත් කළ වාර්තාව කොළඹ දී එළිදැක්වීම පසුගියදා සිදු විය. ශ්‍රී ලංකා රජය විසින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා තමන්ගේ කැපවීම ප්‍රකාශ කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 06ක සහභාගීත්වයෙන් …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති මොරිසන් මාර්තු 22 වැනි දින අතථ්‍ය සමුළුවක් පැවැත්වීමට නියමිතය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් දෙවන ඉන්දියා-ඕස්ට්‍රේලියා මාර්ගගත අතථ්‍ය සමුළුව මාර්තු 21 වන දින පවත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. 2020 ජූනි 4 වැනි දින ඉන්දීය-ඕස්ට්‍රේලියා සබඳතාව විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයකට ඔසවන අවස්ථාවේදී අගමැතිවරුන් දෙදෙනා ඔවුන්ගේ ඓතිහාසික පළමු මාර්ගගත අතථ්‍ය සමුළුව පවත්වා ඇත. එළඹෙන මාර්ගගත අතථ්‍ය සමුළුවේදී, නායකයින් විසින් විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ …

Continue Reading

‘මුදලට බලයට කෑදර පාලකයින් අපේ රට අද ඉන්දියාවේ බල දේශපාලනය ඉදිරිපිට දණගස්සලා‘

මුදලට බලයට කෑදර පාලකයින් විසින් අපේ රට අද ඉන්දියාවේ බල දේශපාලනය ඉදිරිපිට දණගස්වා අපේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට තිබෙන ජාතික සම්පතක් වෙච්ච ත්‍රීකුණාමල තෙල්ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. ලෝකයේ පොසිල ඉන්ධන අවසන් වූ පසුවත් තබා ගැනීමට හැකිවන පරිදි 2072 දක්වා වසර 50ක කාලයකට මෙලෙස පැවරීම හරහා ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රීකුණාමලයෙන් ගලවා දැමීමේ …

Continue Reading

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දා දක්වා දීර්ඝ කරයි

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 ඉරිදා අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙන් ජනපතිවරයා නියෝග කර ඇතැයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (20) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Continue Reading

ලියාපදිංචි නොකළ වී ගබඩා වැටලීම ගැන වී ගබඩා හිමියෙක් කරන බරපතළ චෝදනාව

වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බවට උල්පතගම ප්‍රදේශයේ වී තොග  ව්‍යාපාරිකයෙකු චෝදනා කළේය. ගල්කිරියාගම උල්පත්ගම ප්‍රදේශ්යේ ලියාපදිංචි නොකල ගබඩාවක රැස්කර තිබූ වී මිටි 4000ක් පමණ ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා වැටලීම් අංශයේ නිලධාරින් සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (01) පස්වරුවේ සොයා …

Continue Reading

මාරාන්තික දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් රිංගලාද ?

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. මෙම විකෘතිතාවයන් ශ්‍රී ලංකාවේදී සොයාගෙන නොමැති නමුත් මෙම විකෘති ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වන …

Continue Reading

රට වසා දමන්න – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලති

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියකට රට වහන්නැයි මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත. මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ ඉහත ඡායාරූපය හා ලිපියේ අන්තර්ගතය අතර …

Continue Reading

කොවිඩ් මරණ අනුපාත අඩු කරන හැටි සෞඛ්‍ය ප්‍රවර්ධන ලොක්කා හෙළි කරයි

කොවිඩ් -19 ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේදීය. කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂවරයා …

Continue Reading

කොවැක්ස් පදනම හරහා Moderna එන්නත් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට

කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගය අද දින (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදි. කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල …

Continue Reading

යූරියා නැව ගැන රේගුවෙන් විශේෂ විමර්ෂණයක්

ඉන්දුනීසියාවේ සිට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 9795ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පවසයි. පසුගිය මැසි මස 06 වැනි දින සිට රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම්කර ඇති පසුබිමක මෙලෙස යූරියා පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීම දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් …

Continue Reading