ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නවා – ඇමති නිමල් සිරිපාල
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
නිමල් සිරිපාල
-
0 Comments
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හදිසි නීතිය ඉවත් කළද ත්‍රස්‌තවාදය යළි හිස එසැවීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි. එමෙන්ම තවදුරටත් ඔහු පැවසුවේ ජනතාවගේ හිතසුව පිණිස ජාතික ආරක්‍ෂාව ඉතා වැදගත්. එනිසා සමහර නීති එලෙසම පවත්වාගෙන …
Continue Reading
කුසුම් රේණු මධු රජ මෙහෙසිය ලෙසින්
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
0 Comments
මෙම ලිපිය උපුටා ගන්නා ලද නවලිය පුවත්පතට අපගේ ස්තූතිය කුසුම් රේණු වේදිකාව පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එකලෙස ජයගත් තැනැත්තියක් ලෙස හඳුන්වාදීම වරදක් නැහැ. මේ දිනවල රුවන් මාලිගා ටෙලිනාට්‍යයේ මවකගේ චරිතය නිරූපණය කරන ඇය ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ ගැබ්බර මිනිසා වේදිකා නාට්‍යයේ ද අපූර්ව ලෙස රංගනයේ යෙදෙනවා. කුසුම් රේණු ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ දයාබර බිරිඳයි. කුසුම් රේණු රජ බිසවකගේ චරිතය රඟපාන්න බොහොම ආසාවෙන් …
Continue Reading
තෙලිජ්ජවිල සිද්ධියට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා – බන්දුල ගුණවර්ධන
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
බන්දුල ගුණවර්ධන
-
0 Comments
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (එ.ජා.ප) ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ විදුහලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක දී දස හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ වූවනට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය. මෙම සිදුවීම විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් පසු …
Continue Reading
මහින්ද චින්තනය යටතේ ඉඩම් විදේශිකයන්ට විකුණා ජනතා අයිතීන් කඩ කරලා – විපක්ෂනායක
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
0 Comments
දේශීයත්වය පෙන්වමින් බලයට පැමිණි සන්ධාන ආණ්‌ඩුව “මහින්ද චින්තනය” යටතේ කොළඹ ජනයාගේ නිවාස කඩා විනාශ කර ගාලු මුවදොර පිටිය ඇතුළු ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණා දමමින් ජනතා අයිතිවාසිකම් කඩ කර ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ 65 වැනි සංවත්සරය අමතා ඊයේ (06 සැප්.) ප්‍රකාශ කළේය. එමෙන්ම තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කොළඹ මහ නගර සභාවේ …
Continue Reading
වවුනියාවේ නිවාස ව්‍යාපෘතියකට යුරෝපා සංවිධානයේ පූර්ණ ආධාර
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
0 Comments
යුරෝපා සංවිධානයේ පූර්ණ අධාර යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ මැණික්ෆාම් ප්‍රදේශයේ ඉදිකළ නිවාස 109 ක් ජනතා අයිතියට පත් කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07 සැප්.) සිදු කෙරේ. මේ සඳහා යුරෝපා හවුල අරමුදල් සපයා තිබෙන අතර එම නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබෙන බවත්, ඒ මඟින් ලබන 2013 වන විට නිවාස 2500ක් ඉදිකිරීමට සැලසුම්කර තිබෙන බවත් …
Continue Reading
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ වැඩ වර්ජනය කල් යයි
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (06 සැප්.) සවස පැවැති සාකච්ඡාවකින් පසු අද (07 සැප්.) දින පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය සතියකින් කල් දැමීමට එම සංගමය තීරණය කර ඇත. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාවන් පැවැත්වීමට යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී කරුණු පහක් මුල් …
Continue Reading
ජිනීවා ජගත් මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව සූදානම්
-
RSL
-
September 6, 2011
-
Uncategorized
-
0 Comments
නොබෝ දිනකින් (12 සැප්.) ජිනීවා නුවර දී ආරම්භ වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 10 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රශ්න කීරීමක් සිදු වුවහොත් එම චෝදනා වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සූදානම් බව, රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, ජයග්‍රහණ, මානව හිමිකම් සුරැකීමට ගත් පියවර, පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් එම සැසිවාරයට …
Continue Reading
සොයිසාපුර – මට්ටක්කුලිය බස් වර්ජනයක්
-
RSL
-
September 6, 2011
-
Uncategorized
-
0 Comments
මාර්ග අංක 155 සොයිසාපුර – මට්ටක්කුලිය අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් අද (06 සැප්.) උදෑසන සිට බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ කිසියම් පිරිසක් විසින් බස් රථ සේවකයෙකුට සිදු කර ඇති පහරදීමක් හේතුවෙන් එයට විරෝධය දැක්වීමට මෙසේ වර්ජනයක නිතර වන බවය. එබැවින් විකල්ප බස් මාර්ග භාවිතා කරන …
Continue Reading
සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ගිවිසුම් අත්සන් කිරීම අද
-
RSL
-
September 6, 2011
-
Uncategorized
-
0 Comments
මෙරට ඉදිකෙරෙන දෙවැනි ගල් අඟුරු බලාගාරය වන සාම්පූර් ගල් අඟුරු බලාගාරයට අදාළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ගිවිසුම අද (06 සැප්.) පෙරවරුවේ අස්සන් කෙරේ. මෙගාවොට් පන්සියයක ධාරිතාවකින් යුතු මේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී (2012) ආරම්භ කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය 2017 වසරේදී අවසන් කිරීමට සැලැසුම් කර ඇත. සාම්පූර් ගල් අඟුරු බලාගාරය සඳහා වැයවන මුදල ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම …
Continue Reading
රොබට් බ්ලේක් සැප්තැම්බර් 14 වැනිදා දිවයිනට
-
RSL
-
September 6, 2011
-
Uncategorized
-
රොබට් බ්ලේක්
-
0 Comments
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් සැප්තැම්බර් 14 වැනිදා මෙරටට පැමිණේ. ඔහු ජනාධිපති, ආරක්‌ෂක ලේකම්, සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ ද්‍රවිඩ සන්ධාන නායකයන්ද හමුවීමට නියමිතය. මේ හැර හෙතෙම යාපනයේ සංචාරයක යෙදී උතුරේ ආඥාපති හා එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් ද හමුවනු ඇත. එමෙන්ම බ්ලේක් මහතා ඇමෙරිකාවේදී ශ්‍රී ලාංකීය දමිළ කණ්ඩායමක් හමුවී සාකච්ඡා පැවැත්වූ බව පසුගිය දා වාර්තා විය. නමුත් එහිදී සාකච්ඡා වූ …
Continue Reading