විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හදිසි නීතිය ඉවත් කළද ත්‍රස්‌තවාදය යළි හිස එසැවීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි.
එමෙන්ම තවදුරටත් ඔහු පැවසුවේ ජනතාවගේ හිතසුව පිණිස ජාතික ආරක්‍ෂාව ඉතා වැදගත්. එනිසා සමහර නීති එලෙසම පවත්වාගෙන යා යුතුයි. අවශ්‍ය වන්නේනම් නව නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි.
ග්‍රීස් යකා කියන්නේ රට අස්‌ථාවර කරන්න එල්ටීටීඊයට උදව් කිරීම හා මෙරටට පැමිණෙන ආයෝජන නැවැත්වීම සඳහාත් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක්.
ජනතාවගේ බිය තුරන් කරන්න පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ක්‍රියාකරන බැවින් මේ සම්බන්ධව නිසි පියවර ගෙන නැතැයි විපක්‍ෂ නායකවරයා කරන ප්‍රකාශන අසාධාරණයි. එමගින් විපක්‍ෂ නායකවරයා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා. මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව ගත් උත්සාහයට විපක්‍ෂ නායකවරයා සමච්චල් කරනවා.
හමුදාවේ පනස් දහසක් යාපනයේ සිටින බව විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කළද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිටින සියලුම නිලධාරීන්ගේ සංඛ්‍යාව විසි දහසක් යෑයිද කී ඇමැතිවරයා අධි ආරක්‍ෂිත කලාපවලට අයත්ව තිබෙන ඉඩම් නීතිමය අයිතියට අනුකූලව සාමාන්‍ය ජනතාවට ආපසු ලබාදුන් බවද හැකි අවස්‌ථාවන්හිදී එවැනි ඉඩම් අයිතිකරුවන්ට මුදා හැරීමට කටයුතු කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.