යෝධ රයිනෝ විශේෂයක් හමුවෙයි !
ඉහළ ඡායාරූපය – අලුතෙන් සොයාගත් යෝධ රයිනෝ කලාකරුවෙකුගේ ඇසින් යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ ගන්සු පළාතේ කළ කැනීම්වලින් සොයා ගත් බව චීන පර්යේෂකයින් පිරිසක් පවසනවා. අං රහිත මෙම රයිනෝ විශේෂය අඩි 23ක් උස බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව මෙම සත්ත්වයින් ජිරාෆ්ට වඩා උසින් වැඩියි. මීට වසර මිලියන 26.5කට පමණ පෙර ජීවත් වූයේ යැයි විශ්වාස කෙරෙන මෙම නව …
Continue Reading
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කෙරෙහි ‘Covd-19 සංචරණ සීමා ඇති කරන බලපෑම’
එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ වසංගතයක් ලෙස කොරෝනා වෛරසය ලොව පුරා තෙවන වරටත් පැතිරයමින් සෑම රටකම මිනිස් ජීවිත කෙරෙහි මරණීය තර්ජන එල්ල කරයි. මෙරට තුළ ද COVID- 19 වසංගතය සෘජුවම මහජන සෞඛ්‍යයට කරන බලපෑමට සමගාමීව ගොවිපලේ, හේනේ, කුඹුරේ සිට ක්ෂණිකව ආහාරයට ගතහැකි ඇසුරුම් කළ ආහාර නිෂ්පාදන සිල්ලරට අලෙවි කරන වෙළඳ ව්‍යාපාර දක්වා වූ ආහාර නිෂ්පාදන සැපයුම් දාමයේ ක්‍රියාකාරිත්වයටද, ආර්ථික මර්මස්ථානවල නිෂ්කාෂණ කටයුතු …
Continue Reading
X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ?
කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (ජුනි 14) නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (ජූනි 14) අත්අඩංගුවට ගනු ලැබූ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර …
Continue Reading
X-Press Pearl ගිලී යාම ගැන ජාත්‍යන්තර මාධ්‍ය උණුසුම් පුවත් මවයි ! (Photos & Videos)
විශාල පාරිසරික ව්‍යසනයක භීතිය මධ්‍යයේ රසායනික ද්‍රව්‍ය පටවන ලද X-Press Pearl නෞකාව ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ගිලී යමින් තිබෙන බව ලෝ ප්‍රකට බී.බී.සී ජාත්‍යන්තර වෙබ් අඩවිය අද (02) වාර්තා කළේය. සිංගප්පූරුවේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන X-Press Pearl සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගිනිගනිමින් තිබෙන බවයි එම වාර්තාව සදහන් කරයි. නැව ගිලුණහොත් සමුද්‍ර ජීවීන්ට සහ කොරල්පරවලට දැවැන්ත හානියක් සිදුවිය හැකි …
Continue Reading
වසර හයක් පුරා කිලෝමීටර් 20,000ක් ලොව වටා පා ගමනින් ගිය කාන්තාව
-
Editor
-
May 28, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
ලෝකය සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් සොයමින් ඇන්ජෙලා මැක්ස්වෙල් Angela Maxwell ලෝකය පුරා තනිවම ගමන් කිරීමට පිටත් වූවාය. අවුරුදු හයක් හා සැතපුම් 20,000ක් ගෙවා දැමීමෙන් පසුව ඇය එම සම්බන්ධතාවය ගෙදර ගෙන ආවාය. “ඇයි – Why?” එය සරල ප්‍රශ්නයක් වන අතර මිනිසුන් නිතරම ඇන්ජෙලා මැක්ස්වෙල්ගෙන් එය ඇසුවේය. එහෙත් මෑතක් වන තුරුම ඇය විශාල සිහිනයක් පසුපස හඹා යමින් පරිපූර්ණ ජීවිතයක් ගත කළේ මන්දැයි පිළිතුරු දීමට මහත් පරිශ්‍රමයක් …
Continue Reading
කෝවිඩ් වසංගතය ‘ඔබේ සිහිනවලට’ බලපාන්නේ කෙසේද ?
පසුගිය වසරේදී කොරෝනා වෛරසය ලොව පුරා පැතිර ගිය විට, අප දුටු සිහින අපව පීඩාවට පත් කළා පමණක් නොව ඇතැම් විට අපව විස්මයට ද පත් කළේය. කොවිඩ් -19 තර්ජනයට මුහුණ දුන් අපගේ මොළය යටපත් වී ඇති අතර ආතතිය අපගේ ජීවිතයේ වැඩි කොටසක් අල්ලා ගත්තේය. දැන්, වසරකට වැඩි කාලයක් තිස්සේ, බොහෝ අය වසංගතය සමග ජීවිතයට පුරුදු වී ඇති හෙයින්, ඔබේ සිහින ද “නව …
Continue Reading
ලෝකයම මවිත කළ ‘ඊශ්‍රායල් – අරාබි දින හයේ යුද්ධයේ සම්පූර්ණ කතාව’
ඊශ්‍රායලය හා පලස්තීනය අතර පසුගිය දිනවල පැවැති ගැටුම් ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. ලංකාවේත් එසේමයි. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය දරුවන් ගැන සේම පලස්තීන වැසියන් ගැන ආණ්ඩුව ද නිවේදන නිකුත් කළා. මාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වීම ගැන මාධ්‍ය සංවිධාන නිවේදන නිකුත් කළා. අපි අදත් දකින – කියවන ඊශ්‍රායල් – පලස්තීන් අර්බුදය දශක ගණනාවක අතීතයට යනවා. කොටින්ම 1940 දශකවේ අභිනව ඊශ්‍රායල් රාජ්‍ය බිහි …
Continue Reading
ඔසප් සමයේ ලිංගික සතුට ලැබිය හැකි ‘වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම’
යුවළක් අතර සංවාදයේ වඩාත්ම ගැටුම්කාරී මාතෘකාවක් වන්නේ ඔබ ඔබේ ඔසප් සමයේ (period) සිටින විට ලිංගිකව හැසිරීම හෝ නොකිරීමයි. කිහිප දෙනෙක් ඔසප් සමයේ ලිංගිකව එක්වන අතර සමහරු එම අදහස පිළිගන්නේ නැත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත්තේ ඔසප් දිනවල ආදරය කිරීම / ලිංගික කටයුතු සාමාන්‍ය දෙයක් වන අතර ආරක්ෂිත බවයි. මේ අතර කාන්තාවන්ගේ ඔසප් කාල පරිච්ඡේදය තුළ ඔවුන් ඉහළ සංවේදීතාවයක් සහ ප්රබෝධයක් අත්විඳින බව …
Continue Reading
පෝට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!
සංශෝදන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත් කෙටුම්පතක් ගෙන ඒම කාලෝචිතවනු ඇත! (යහපාලන ආන්ඩුවේ කෙටුම්පත හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත්කල කෙටුම්පත පදනම් කරගත හැක/දෙකම බොහෝ දුරට සමානය) මෙම පනතේ අනෙකුත් විධි විධාන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු දෙවන වර කියවීමට වඩා පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ඡා කොට නව කෙටුම් පතක් ගෙන ඒම උචිත …
Continue Reading
කන්දක් විළිලා -මීයෙක් වැදූ නීතිපති
ඒ මහබැංකු බැඳුම්කර අර්බුදය ඇවිලී ගිය සමයයි. එතෙක් වියදම් හා සබැඳි මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හා ව්‍යාපෘති අයවැයක් සෑදීමේ ප්‍රාගුන්‍යයෙන් පමණක් සන්නද්ධව සිටි අප විස්මෘතියට පත්කළ අපූරු තාලයේ සොරකමක් සිදූවුණේ මෙකලය. එතෙක් ඇසුණේ සුලබව හෝ විරලව වේවා ඒ කවර අවස්ථාවකදී හෝ සවනේ නොරැඳුණු භාණ්ඩාගාර බිල්පත් මෙන්ම බැඳුම්කර මතුනොව නුදුරු අනාගතයේ පොලී අනුපාතය කෙසේ වේ දැයි තක්සේරු කිරීම නම් වූ …
Continue Reading