යෝධ රයිනෝ විශේෂයක් හමුවෙයි !

Spread the love

ඉහළ ඡායාරූපය – අලුතෙන් සොයාගත් යෝධ රයිනෝ කලාකරුවෙකුගේ ඇසින්

යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ ගන්සු පළාතේ කළ කැනීම්වලින් සොයා ගත් බව චීන පර්යේෂකයින් පිරිසක් පවසනවා. අං රහිත මෙම රයිනෝ විශේෂය අඩි 23ක් උස බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව මෙම සත්ත්වයින් ජිරාෆ්ට වඩා උසින් වැඩියි.

මීට වසර මිලියන 26.5කට පමණ පෙර ජීවත් වූයේ යැයි විශ්වාස කෙරෙන මෙම නව විශේෂය ‘පැරසෙතෙරියම් ලින්ක්සියාන්ස් – Paraceratherium linxiaense ලෙස නම්කර ඇති අතර ඔවුන්ගේ බර ටොන් 21ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා. එම බර වැඩුණු අප්‍රිකානු අලින් හතර දෙනකුට සමානයි.

නව විශේෂය වරෙක පාකිස්තානයේ ජීවත් වූ යෝධ රයිනෝ සමඟ සමීපව සම්බන්ධ වී ඇති බව විද්‍යාඥයින් කණ්ඩායම සොයාගෙන ඇති අතර එයින් ඇඟවෙන්නේ ඔවුන් මධ්‍යම ආසියාව පුරා සංචාරය කර ඇති බවයි.

ඔවුන් වයඹ දිග චීනය සහ ඉන්දියානු-පකිස්ථාන උප මහද්වීපය අතර නිදහසේ සැරිසැරුවේ නම්, එයින් ඇඟවෙන්නේ ටිබෙට් සානුව ඒ වන විට පහත් බිමක් ලෙස තිබෙන්නට ඇති බවයි.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Related Posts