චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නේ කවු ද?
චීන සමාගම මේ වනවිට රැගෙන ඒමට උත්සාහ කරන නැවේ පොහොර සාම්පල කිසිදු හේතුවක් මත නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ ය. නමුත් ඔහු කියා සිටියේ මෙරට පිළිගත් ප්‍රමිතියට අනුකූලව සකස්කර අලුතෙන් එවන පොහොර සාම්පල දෙපාර්ශ්වය පිළිගන්නා තුන්වන පාර්ශ්වයකට යොමුකර පරීක්ෂා කරන බවයි. චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොර සාම්පල දෙකක් …
Continue Reading
චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?
චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද (26) කොළඹ පැවැති වැඩසටහනකදී ප්‍රකාශ කළේ ය. ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් …
Continue Reading
එළවළුත් කාලා හමාරයි ! දඹුල්ලේ එළවළු මිල අහසටම නැගලා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද (22) දින පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ බෙදා හරින තොග වෙළෙඳ මධ්‍යස්ථානය වෙයි. පසුගිය විසි එක් වන දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් …
Continue Reading
පියයුරු පිළිකාවලට සදහටම සමුදෙන්න කැමතිද ?
පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු ඉදිරිපත් කරමින් පියයුරු පිළිකාව ගැන අවධානය අඩු කිරීම මාරාන්තික කරුණක්. නැතිනම් මාරයාට අත වැනීමයි ! පියයුරු පිළිකා සදහා හේතු විය හැකි කරුණු රැසක් මේ වන විට හදුනා ගෙන …
Continue Reading
ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (16) දින තොරතුරක් ලැබී තිබිණි නගරාධිපතිවරයා වීශේෂ රාජකාරියක් සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව ගොස් සිටීම නිසා නගර සභාවේ වෙනත් නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි මෙම ගබඩා පරික්ෂා කිරීම් …
Continue Reading
2021 Global Hunger Index : ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා –
ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්. මෙම වාර්තාව අනුව ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට පත්ව සිටින අතර පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාව …
Continue Reading
ශ්‍රී ලංකාව වෛවාහක ස්ත්‍රී දූෂණයට එරෙහිව නීති සකස් කිරීම ප්‍රමාද කරන්නේ ඇයි?
-
Editor
-
October 12, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
(මෙම ලිපියේ දී ‘ස්ත්‍රී දූෂණය’ යන යෙදුම භාවිතා කෙරෙන්නේ, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරකම් සහ අඩත්තේට්ටම් සඳහා වන නීතිමය යෙදුම එය නිසාවෙනි) පීතෘමූලික සමාජ ක්‍රමයක් ඇති, ‘විවාහය’ පරම පූජනීය බැඳීමක් ලෙස සලකන ඉන්දියාවේ දී, පුරුෂයෙකු සිය බිරිඳට ලිංගික අඩත්තේට්ටම් සිදුකිරීම අපරාධයක් ලෙස නොසැලකේ. පසුගිය අගෝස්තුවේ චතිස්ඝර් මහාධිකරණයේ විනිසුරු එන්. කේ. චන්ද්‍රවංශී, “පුරුෂයෙකු සිය විවාහක බිරිඳ සමග බලහත්කාරයෙන් හෝ ඇගේ අකමැත්ත ඇතිව …
Continue Reading
ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් නාරවානේ දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් එම් එම් නාරවාන(MM Naravane) අඟහරුවාදා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් හමුවීමට නියමිත අතර එහිදී දෙරට අතර ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීම සඳහා …
Continue Reading
‘නීතිපති අධිකරණයට සැඟවූ’ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි – ඇතුන්ගේ ස්වාභාවික ගහනය සීග්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒ තත්ත්වය මැඩපැවැත්වීම මෙන් ම ස්වාභාවික ගහනයේ පැවැත්මට බලපෑම් එල්ල කරන වෙනත් ක්‍රියා වැළැක්වීම මෙම නීති ගොඩනැංවීමේ අරමුණය. එපමණක් නොව මෙරට වියළි කලාපයේ …
Continue Reading
කාබනික පොහොර අවුල: ගොවීන්ගේ ඉල්ලීම් හමුවේ මාතලේ දිසාපතිට කට උත්තර නෑ
දෙවහුව ජලාශය යටතේ වගා කරන කුඹුරු අක්කර 3000ක් මෙවර වී වගාවෙන් ඉවත් වීමට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අද (08) දින පැවති කන්න රැස්වීමේදී මාතලේ දිසාපතිවරයාට දැනුවත් කරමින් කන්න රැස්වීම් වර්ජනය කරමින් ඉවත්ව ගියහ. මාතලේ දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම වරුන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිසාපති පී.කේ.ඩී. පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම …
Continue Reading