ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් නාරවානේ දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Spread the love

ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් එම් එම් නාරවාන(MM Naravane) අඟහරුවාදා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් හමුවීමට නියමිත අතර එහිදී දෙරට අතර ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග මාර්ග සාකච්ඡා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයයේ උසස් නිලධාරීන් සමඟ හමුවීම් සහ ආරක්‍ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති විශිෂ්ඨ ආරක්‍ෂක සහයෝගිතාවය ඉන්දීය යුද හමුදාපති විසින් ඉදිරියට ගෙන යනු ඇත.

ඔහු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරනු ඇත, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය, ගජබා රෙජිමේන්තු මූලස්ථානය සහ ශ්‍රී ලංකා හමුදා ඇකඩමිය වෙත ද නිරීක්ෂණ චාරිකාවක නිරත වනු ඇත.

ඉන්දීය හමුදාපති විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ” නිරීක්ෂණය කරන අතර පසුව බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය අමතයි.

ඉන්දීය හමුදා ප්‍රධානියා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට ද නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Related Posts