එළවළුත් කාලා හමාරයි ! දඹුල්ලේ එළවළු මිල අහසටම නැගලා

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ  කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද  (22) දින පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ බෙදා හරින තොග වෙළෙඳ  මධ්‍යස්ථානය  වෙයි. පසුගිය විසි එක් වන දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි.

ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් 200 සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

පෙරදා කිසිදු දිනක ඉහළ නොගිය පතෝල, වැටකොළු, බණ්ඩක්කා, ආදී එළවළු කිලෝ එකක  තොග මිල රුපියල් 150 ත්  180ත්  අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂ කරුණක් බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඒ අන් අනුව වම්බටු, මෑ කරල්, පතෝල, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, දඹල, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120-220 දක්වා වූ විවිධ මිල පරාසයක්න් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝ එකක තොග මිල  රුපියල් 220කි. බෝංචි කිලෝවක තොග මිල ද රුපියල් 220කි. එමෙන්ම දේශීය ලොකු ලූනු මිල ද ඉහළ ගොස් කිලෝවක්  රුපියල්  170කට  මිලදී ගැනීම සිදු වෙන බව වෙළෙන්දෝ  පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න

ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ 21 දින සිට  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ය.

ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ ඉල්ලීම අනුව සැපයුමක් නොමැති වීමයි. එළවළු ඉතා අඩු ප්‍රමාණයක් වෙළඳපොළට ලැබෙන නිසා ඉල්ලුම සැපයුම න්‍යාය අනුව ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ඉහළ යෑම සිදු වන බවත් පෙන්වා දෙන අතර එළවළු නිෂ්පාදනය අවම වශයෙන් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ ත්‍රිවිධ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිගය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි. එම නිසා තමන් නිෂ්පාදනය කළ ඉතා සීමිත එළවළු සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් විශාල එළවළු ප්‍රමාණයක් කෘමි සතුන්ගේ හානිය නිසා ඉවත් වන බව ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම ගොවීන් කියා සිටියේ රුපියල් 1500කට අලෙවි වූ රසායනික පොහොර මිටියක් රුපියල් දදහදාහක ඉහළ මිල ගණන් යටතේ මේ වන විට රහසිගතව අලෙවි කිරීම් සිදුවන බවය. එම වැඩි මිලක් ලබා දී වගාවන් සිදු කරමින් යම් මට්ටමකින් එළවළු වෙළෙඳ පොළට රැගෙන එන බව ගොවීන් පවසති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts