2021 Global Hunger Index : ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා –

Spread the love

ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්.

මෙම වාර්තාව අනුව ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට පත්ව සිටින අතර පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාව පසු වුණේ 64 වැනි ස්ථානයේයි.

මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාගිනි දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වෙනවා.

බෙරූස්, බොස්නියා සහ හර්ෂගොවේනියා, බ්‍රසීලය, චීනය, චිලි, ක්වේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, ලකුණු 5කට අඩුවෙන් ලබා ගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් ලෙස පළමු ස්ථාන අතර පත්ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර ලකුණු 27.5ක් ලබා ගනිමින් ඉන්දියාව අවදානම් මට්ටමේ පසුවන අතර ඉන්දියාව ගිය වසරේ පැවතියේ මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයේය. ලකුණු 24.7ක් ගත් පාකිස්ථානය 92 වැනි ස්ථානයේ පසු වෙනවා.

ලකුණු 50.8කට හිමිකම් කියමින් සෝමාලියාව 116 වැනි ස්ථානයේ පසුවන අතර යෙමනය 115 වැනි ස්ථානයේ පසු වෙනවා.

ඔබ මෙම වාර්තාව පහත යොමුව ඔස්සේ බාගත කරගත හැකියි.

https://www.globalhungerindex.org/pdf/en/2021.pdf

Related Posts