නයිජීරියාවේ ජල ගැලීම්වලින් ජීවිත හානි වැඩිවේ

නයිජීරියාවේ ජල ගැලීම්වලින් පුද්ගලයින් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ එරට ඉබාදාන් නගරයේදි මේ ජීවිත හානි සිදුව ඇති අතර සහන සේවකයින් සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් 2,000 ක පමණ පිරිසක් ඉබාදාන් නගර‍යේ අවතැන්ව සිටී.

ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ බෙහෙත්,ආහාර,ඉන්ධන සහ ජල හිඟයක්‌

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක්‌ උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක්‌...

අයිරීන් කුණාටුවෙන් ඇමරිකාවට දැඩි හානි, 18 ක් මරුට; ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් අනතුරක් නැහැ

ඇමරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර, මේ වන විට 18 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් වාර්තාවේ. එසේම එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවටද වාර්තා වේ. නිව්...

අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ඝාතනය කෙරේ

අල්කයිඩා  සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී අටියා අබ්ඩ් අල් රහමාන් පසුගිය 22වනදා පාකිස්ථානයේදි ඝාතනය කර තිබේ. පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමා ප‍්‍රදේශයේ පිහිටි ගෝති‍්‍රක වසිරිස්ථාන් ප‍්‍රාන්තයේදී අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන අටියා අබ්ද් අල් රහමාන් ඝාතනය කෙරුණු බව ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කරයි....

ඉන්දීය අගමැති රජීව් ඝාතකයින්ට මරණ දඬුවම

හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන් මරණීය දණඩනයට ලක්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම කටයුතු ආරම්භ කර ඇත්තේ, එම වරදකරුවන් තිදෙනා...

ගඩාෆිගේ හිසට මිලක් නියම වේ

ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ. කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි. කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ...

කර්නල් මුවමර් ගඩාෆිගේ නිවස්නය වටා දරුණු සටන්

ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ ට්‍රිපෝලි අගනුවර පිහිටි නිවස්නය වටා දරුණු සටන් පවතී. වසර 41 පුරා ලිබියාව පාලනය කළ මුවමර් ගඩාෆි අවධාරණය කළේ තමා ට්‍රිපෝලි අගනුවර හැර නොයන බවයි. ඔහු ට්‍රිපෝලි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අවසානය තෙක් සටන් කරන ලෙසයි. ට්‍රිපෝලි...

85 වැනි ජන්ම දිනය සමරන ෆිදෙල් කැස්ත්‍රෝ

කියුබානු විප්ලවයේ නියමුවා වන ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වැනි ජන්ම දිනය පසුගිය දා (13 අගෝ. සෙනසුරාදා) යෙදී තිබිණි. සිය දේශපාලන නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කියුබානු ජනතාව විසින් පසුගිය සතිය පුරාම උත්සව සංවිධානය කර තිබිණි. මේ නිමිත්තෙන් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග ඇතුළු උත්සව ගණනාවක්...

ඉන්දීය ධජය එසවීමට ගත් උත්සහයෙන් 43 දෙන්නෙකු අත්අඩංගුවට

කච්චතිව් දූපතෙහි ඉන්දීය ධජය එසවීම සඳහා පිටත්ව යෑමට උත්සාහ දැරූ හින්දු මක්කල් කච්චි නමැති පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 43 දෙනෙකු තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි. වඩාත් විශේෂත්වය වන්නේ ඊයේ (15 අගෝ.) දිනය ඉන්දියාව සිය ජාතික දිනය සමරන...

බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය

බ්‍රිතාන්‍යයෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් මර්ධනය කිරීමට එරට පොලීසිය අසමත්වීම හේතුවෙන් ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගියදා තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානීන්ගේ විරෝධතාවය එල්ලවී ඇත. එම විශේෂඥයා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගරවල...
Loading posts...

All posts loaded

No more posts