- Friday
- November 22nd, 2024
හැට හතර හැවිරිදි යුරෝපීය මධ්‍යම බැංකුවේ හිටපු උපසභාපතිවරයෙක් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන ලුකස් පැපඩෙමොස් මහතා ජෝර්ජ් පැපැන්ඩ්‍රියෝගෙන් හිස්වූ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කර කර ඇත. නව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ ග්‍රීසිය මුහුණදී සිටින ණය අර්බුධයෙන් ගලවාගැනීම වන අතර එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇති බව...
ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන් දැන් වේගවත්කොට ඇති බව යැයි ජාත්‍යන්තර පුවත්සේවා වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරගෙන යන බවද එම වාර්තාවේ සඳහන්ව ඇතිබව පැවසේ. එමෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල අදහසවී ඇත්තේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වෑයමක...
ඝාතනයට ලක්වූ ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ දේහය මූටා ටසීම් කාන්තාරයේදී ඊයේ (25 ඔක්.) උදෑසන මිහිදන් කර තිබේ. එරට අන්තර්වාර කවුන්සිලයේ ප‍්‍රකාශක ගුවා අල් ගමාටි සඳහන් කළේ ඝාතනයට ලක්වු එරට නායක කර්නල් ගඩාෆිගේ ඥාතීන් කිහිප දෙනෙකු සහ අන්තර්වාර...
තුර්කියේ, වෑන් නගරයට කිලෝ මීටර් 35 ක් ඊසාන දෙසින් සහ කිලෝ මීටර් 94.5 ක් පොළව අභ්‍යන්තරයේ ප්‍රභල සිදුවූ භූ චලනයක් හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක මිය ගොස් ඇතැයි වාර්තා වේ. භූ චලනය වූ විගස විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රභලත්වය...
ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ජීවිතක්ෂයට පත්වු බව ලිබියානු අන්තර්වාර ජාතික කවුන්සිලය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි. මීට ටික වේලාවකට පෙර රොයිටර් පුවත් සේවය පැවසුවේ, තුවාල සහිතව කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරයේදී අල්ලා ගත් බවයි. කෙසේ වෙතත් මුවම්මර් ගඩාෆි...
ඝාතනය වු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් වසර ගණනාවක් පාකිස්තානයේ රහසේ ජීවත්ව සිටි ආකාරය විමර්ශනය කරන කොමිසම පසුගිය දා (05 ඔක්.) පළමුවරට ඔහුගේ වැන්දඹුවන්ගෙන් හා දියනියන්ගෙන් ප්‍රශ්න කර තිබේ. කොමිසම නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ බින්ලාඩන් ගේ වැන්දඹුවන් තිදෙනා හා...
ලෝක ප්‍රකට අමෙරිකානු පරිඝණක සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන බහුජාතික සමාගමක්වන ඇපල්හි නිර්මාතෘවරයෙකු සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු වන ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත විය. මියයන තෙක් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම සමාගමේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන...
ඉරාක රජයේ ගොඩනැගිල්ලක් තුළ සන්නද්ධ පුද්ගලයින් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබ සිටි පුද්ගලයින් 15දෙනා ඝාතනය කරනු ලැබ තිබේ. රොයිටර් වාර්තා කළේ ඉරාක ආරක්ෂක අංශ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා දියත් කළ මෙහෙයමු අතර තුර මොවුන් ඝාතනය කර...
නැගෙනහිර ඉන්දියාවේ දරුණු ගංවතුරකින් පුද්ගලයන් 60 දෙනෙක් පමණ මිය ගොස් මිලියනයකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි එරට බලධාරීහු පවසති. දේශීය මෙන්ම ජාත්‍යන්තර ආධාර නියෝජිතායතන දැනටමත් දැවැන්ත සහන සැපයීමේ ක්‍රියාදාමයක් අරඹා තිබේ. මියගිය අය අතුරින් 28 දෙනකු උත්තර ප්‍රදේශ වැසියන් බවත්...
Loading posts...
All posts loaded
No more posts