ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දී ඇතැයි බී.බී.සී. වාර්තා කරනවා. පසුගිය මාස කිහිපය පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් සත්ත්ව ගහනය සහ වාසස්ථාන විනාශ වීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ. එම වාර්තාවට අනුව කුරුළු විශේෂ 13ක්, උරග විශේෂ 20ක්, අපෘෂ්ඨවංශී විශේෂ 5ක්, ක්ෂීරපායී විශේෂ 19ක්, මත්ස්‍ය විශේෂ 17ක් සහ …

Continue Reading

‘කෝවිඩ් 19’ ආසාදනයේ අඩුවීමක්

‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීන සෞඛ්‍ය අංශ වාර්තවල සඳහන්. එම වාර්තා අනුව ඊයේ (11) දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015 දෙනකු වන අතර ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක. මේ දක්වා චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් බවයි එම වාර්තාවල වැඩි …

Continue Reading

නව කොරෝනා වෛරසයට ‘අලුත් නමක්’

හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසය’ට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැුස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව අප මෙතෙක් දිනයක් ‘නව කොරෝනා වෛරසය’ ලෙස හැඳින් වූ වෛරසය නිල වශයෙන් ‘කොවිඩ් 19’ COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළා.

Continue Reading

තායිලන්තය: විසි හය දෙනෙකු ඝාතනය කළ හමුදා භටයා මරා දැමේ

තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි. සෙනසුරාද (පෙබරවාරි 08) හමුදා කඳවුරකින් ගිනි අවි සොරා ගැනීමට ප්‍රථම ජක්‍රපාන්ත් තොම්මා නමැති හමුදා භටයා ඔහුගේ අණදෙන නිලධාරියා මරා දමා තිබිණි. ඉන් නොනැවතුණු සැකකරු නකොන් රචසිමා හි වීදිවල සහ වෙළෙඳ සංකීර්ණයක සිටි පුද්ගලයන්ට වෙඩි තැබීය. …

Continue Reading

කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික සැලැස්මට WHO ඩොලර් මිලියන 675ක් ඉල්ලයි

නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත. ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා;  ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් …

Continue Reading

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ජයගැනීමට ට්‍රම්ප් සමත්වෙයි

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය,ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ. ඒ අනූව, කොංග්‍රසය මගින් සම්මත කිරීමෙන් පසු දැඩි විවාද මාලාවක් පැවති ඓතිහාසික දෝෂාභියෝග චෝදනාව නිමාවට පත්වනු ඇත. ඒ අනූව, ජනාධිපති ට්‍රම්ප් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ, දෝෂාභියෝගයකට මුහුණ දී මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ පවතින සෙනෙට් මණ්ඩලය මගින් අදාළ දෝෂාභියෝග චෝදනාව …

Continue Reading

චීනයේ අවමංගල්‍ය උත්සව තහනම් කරයි

කෙරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා චීනය කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල්‍ය උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.  කොරෝනාවෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද (05)  වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අද වන විට චීනය ඇතුළු රටවල් 25 කින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 24500ක්.  එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු  892 …

Continue Reading

දෙසතියක් ගෙවී යන්නටත් මත්තෙන් ජනපති ගෝඨාභයගේ රජය පළමු ජාත්‍යන්තර කළු පැල්ලම එක් කරගනී..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දෙසතියක් ඉක්ම යන්නටත් මත්තෙන් රාජ්‍ය නායකයා මෙන්ම රටේ ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වශයෙන් ඉතා බැරෑරුම් සහගත මකා දැමිය නොහැකි ජාත්‍යන්තර තලයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක්කොට ඇත. ඒ මෙරට ආරක්ෂක මර්මස්ථානය වූ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව බළහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිදුව ඇති නීතියක්, විනයක් නොමැති නොහොබිනා සිදුවීමක් වාර්තා වීමත් …

Continue Reading

ISIS නායකයා මිය ගිය බව තහවුරුයි

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි, අමෙරිකානු ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. සිරියාවේ වයඹදිග ප්‍රෙද්ශයට එල්ල කෙරුණු ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල් බග්ඩාඩි, ඊයේ රාත්‍රියේ අමෙරිකානු විශේෂ මෙහෙයුමක් අතරතුර මියගිය බවට අද විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කළේය. ඇතැම් වාර්තාවල දැක්වුණේ මෙහෙයුම අතරතුරදී බග්ඩාඩි, මරාගෙන මැරෙන ජැකට්ටුවක් පුපුරවාගනිමින් දිවිනසාගත් බවයි. විශේෂ බුද්ධි …

Continue Reading

බ්‍රසීලය අඳුරටත්, ලෝකය අනතුරටත් පත්කරමින් “ඇමේසන්” විනාශයේ

ලොව ප්‍රධානතම වැසි වනාන්තරවලින් එකක් වන ඇමසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාවකට ආසන්න සත්වයින් සහ දුර්ලභ ඝණයේ ශාඛ විනාශ වෙමින් පවතින බව පරිසරවේදීන් පවසති. බ්‍රසීල අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, 2019 වර්ෂයේ ආරම්භය පටන් මේ දක්වා ගිනි ගැනීම් 72,000ක් පමණ වාර්තා වී ඇති අතර පසුගිය සතියේදී පමණක් ගිනි ගැනීම් 9,500ක් වාර්තා වූ බවයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානය සඳහන් …

Continue Reading