හිටපු මහ බැංකු අධිපති සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි
ඓතිහාසික මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත. ඒ බව අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනාවරණය කර සිටියේය. සිංගප්පුරු ජාතිකයෙකු වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම සහ සහතික කිරීම …
Continue Reading
බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවන බව තහවුරු වෙයි
ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ. මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 11,145 ඉක්මවන බවත් එම වාර්තාවේ සඳහන්. එසේම බැඳුම්කර කොල්ලයේදී කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රාජ්‍ය ආයතනවලින් කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 8528 ඉක්මවන බවත් සඳහන්.
Continue Reading
බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කිරිමට නියමිතව තිබේ. ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ. සිය ට්විටර් ගිණුමේ …
Continue Reading
ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට
ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක් සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක් අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය …
Continue Reading
රාජපක්ෂලා ගැන බරපතළ වාර්තා 17ක් අද ජනපති අතට
රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය ආයතන බොහොමයක සිදුවී තිබෙන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් අවභාවිතය, නැවත ඇති නොවීමට අනුගමනය කළයුතු වැදගත් යෝජනා සහ නිර්දේශ රැසක් ඇතුළත් පිටු 1000 ක පමණ විශේෂ අවසන් වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (02) බාරදීමට නියමිතයි. කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් …
Continue Reading
පල්ලම පොලිසියෙන් සුවිශේෂී දඩ වාර්තාවක් තබයි!
2017 වර්ෂය තුළ පල්ලම පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදු කරන ලද වැටලීම් 442 ක සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී දඩ මුදල් ලෙස රුපියල් 60,22,500.00 ක මුදලක් රජයට අය කර දෙමින් සුවිශේෂී වාර්තාවක් තබා ඇත. මෙහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් 271 දෙනෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති …
Continue Reading
සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ. සයිටම් ආයතනය …
Continue Reading
හිටපු ජනාධිපතිවරුන්ගේ සුපිරි රථ සියල්ල මුහුදේ ගිල්වයි
ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.මර්සිඩීස් බෙන්ස් හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ. හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ …
Continue Reading
ආන්දෝලනාත්මක බැඳුම්කර වාර්තාව ජනපති අතට; ජනපතිගෙන් නීතිපති අතට!
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ප්‍රශ්නගත භාණ්ඩාගාර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු …
Continue Reading
මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි
සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සයිටම් ආයතනය පත්වාගෙන යන …
Continue Reading