බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කිරිමට නියමිතව තිබේ.

ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබිණි.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා විසින් පසුගිය 30 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදී තිබිණි.

RSL

Related Posts