හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට(05) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය. ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේ …
Continue Reading
බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 544 ක් විශේෂ ජනාධිපති සමාව ලබා අද නිදහස් වෙයි
70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති විශේෂ සමාව යටතේ රැඳවියන් 544 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති බවයි. අනුරාධපුර, කළුතර, මීගමුව, මහර, ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දිනයේ ජනාධිපති විශේෂ සමාව යටතේ …
Continue Reading
නිදහසේ සැරිසැරූ රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු කාලාන්තරයකට පසු අද හදිසියේම අත්අඩංගුවට
රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම, රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව අවි ජාවාරම් සිදු කළ කුප්‍රකට උදයංග වීරතුංග අද (04) කාලාන්තරයකට පසු හදිසියේම අත් අඩංගුවට පත්ව ඇත. උදයංග වීරතුංග ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුරදි ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා එරට පොලිස් භාරයට ගෙන තිබෙන අතර රතු වරෙන්තු මත ජාත්‍යන්තර පොලිසිය මඟින් අත් අඩංගුවට …
Continue Reading
ජනපති නිදහස ගැන කියන නිදහස් පණිවුඩය
ස්වදේශීය අනන්‍යතාවෙන් ඔප් නැංවුණු ජාතියක් ලෙස අපට ඕනෑම අභියෝගයක් ඉදිරියේ නැඟී සිටිය හැකි බවත්, ඒ බව අපගේ සමස්ත ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කැර තිබෙන බවත්, ශ්‍රී ලංකාව යනු යුහුසුලුව නැඟී සිටිය හැකි රටක් බව මේ මොහොතේ අප නැවතත් සනාථ කළ යුතුව ඇති බවත් ජාතික නිදහස් සමරු උලෙළ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පවසයි. ඒ පණිවිඩයෙහි මෙසේද සඳහන් වෙයි: …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදැසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. කොල්ලුපිටිය මල්පාරේ පිහිටි එම නිවෙස් වෙත අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් තිබිණි. එහිදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති …
Continue Reading
ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් දන් දී පැවිදි දිවියට..!
ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ස්ථාපිත කරන බවට පවසමින් සිසුන් විශාල ප්‍රමාණයකගේ අනාගතය අඳුරු කළ ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වාගෙන ගිය සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අදාළ ගොඩනැගිලි බුද්ධ ශාසනයට දන් දී ඔහුද පැවදි දිවියට ඇතුලත් වීමට සුදානමින් පසුවන බවට වාර්තාවේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් ගොඩනැඟිලි බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළේ යෑයි …
Continue Reading
70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි
”එකම දැයක් ” තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල පවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සහ රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් …
Continue Reading
ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දාන්න නොමිලේ ප්‍රවාහන පහසුකම්: මැ. මහ ලේකම් කාර්යාලය
ආබාධිත පුද්ගලයින්හට ඡන්ද මධ්‍යස්ථාන වෙත යාම සඳහා හෙට දිනයට පෙර ප්‍රවාහන පහසුකම් ඉල්ලූම් කරන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ආබාධිත පුද්ගලයින්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ඉල්ලුම් කළ යුතු වෙයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 07 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව …
Continue Reading
මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි 8 දා
-
RSL
-
February 3, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ. විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණි. හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) පෙරවරුවේ අපවත් …
Continue Reading
නඩුවලින් කට්ටි පනින්න හැදූ ගෝඨාට වැඩ වරදී
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානීයා ලෙස කටයුතු කළ, මිනී මැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම තමාට එල්ල වී තිබෙන චෝදනා සහ නඩුවලින් පැන යාමේ කූට සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අනාවරණය වේ. එහි එක් අදියරක් ලෙස ගෝඨා මෙරට ප්‍රබල සහ ඉහළ දේශපාලඥයින් රැසක්ද ගොනාට ඇන්දවීමට කටයුතු කර ඇත. එම දේශපාලන ඇන්දවීමට සමගාමීව …
Continue Reading