
70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති විශේෂ සමාව යටතේ රැඳවියන් 544 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති බවයි.
අනුරාධපුර, කළුතර, මීගමුව, මහර, ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දිනයේ ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.