නිදහසේ සැරිසැරූ රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු කාලාන්තරයකට පසු අද හදිසියේම අත්අඩංගුවට

Spread the love

රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම, රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව අවි ජාවාරම් සිදු කළ කුප්‍රකට උදයංග වීරතුංග අද (04) කාලාන්තරයකට පසු හදිසියේම අත් අඩංගුවට පත්ව ඇත.

උදයංග වීරතුංග ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුරදි ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා එරට පොලිස් භාරයට ගෙන තිබෙන අතර රතු වරෙන්තු මත ජාත්‍යන්තර පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇත.

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් සිදුකරනු ලබන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කර ඇත.

කෙසේ වෙතත් අද (04) උදෑසන එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආධාර අනුබලය මත සිදු වුණා යැයි ප්‍රකටව ඇති මහබැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් අතර, එහි මාධ්‍ය උණුසුම මැකීයන්නටත් මත්තෙන්, කාලාන්තරයක් තිස්සේ මහින්ද පසු පස රට රටවල් වල යමින්, ජායාරූප ගනිමින් නිදහසේ සැරිසැරූ උදයංග වීරතුංග අද මෙලෙස හදිසියේම අත්අඩංගුවට පත් ව ඇත.

නීතිය හා සාමය භාර අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා පොලිසිය අයත් වන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතාටය.

RSL

Related Posts