නඩුවලින් කට්ටි පනින්න හැදූ ගෝඨාට වැඩ වරදී

Spread the love

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානීයා ලෙස කටයුතු කළ, මිනී මැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම තමාට එල්ල වී තිබෙන චෝදනා සහ නඩුවලින් පැන යාමේ කූට සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අනාවරණය වේ.

එහි එක් අදියරක් ලෙස ගෝඨා මෙරට ප්‍රබල සහ ඉහළ දේශපාලඥයින් රැසක්ද ගොනාට ඇන්දවීමට කටයුතු කර ඇත. එම දේශපාලන ඇන්දවීමට සමගාමීව තමාට එරෙහිව චෝදනා නැගෙන නඩුවලින් උපක්‍රමශීලීව ඇඟබේරාගෙන නිදහස් වීමේ සැලැස්මක් ගෝඨා විසින් ක්‍රියාවට නංවා ඇත.

ඇවන්ගාඩ් මෙරිටයින් සර්විසර්ස් සමාගමට අයුතු සහගත හා නීති විරෝධී ලෙස අනුග්‍රහය දැක්වීමට පියවර ගැනීමෙන් රුපියල් කෝටි 1140ක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවෙන් තමා ඇතුළු සැකකරුවන් 08 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (02) නිෂ්ප්‍රභ කළේය.

අයදුම්පතෙන් පවසා සිටින පරිදි සැකකාර පෙත්සම්කරුවනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අගතියක් සිදුව ඇති බවට තමාට සෑහීමකට පත්විය නොහැකි බවත් සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙහි බරපතල වරදක් සිදුව ඇති බවට පෙනී යන බව සඳහන් කරමින් වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කරන ලෙසට කළ ඉල්ලීම ද ඊයේ (02) ප්‍රතික්ෂේප කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලිඛිත අවසරය නොමැතිව මෙම නඩුව පවරා ඇති බවට ප්‍රතිශෝධන අයදුම්පත මගින් දන්වා තිබුණද කොමිෂන් සභාව යනුවෙන් අදහස් කරනුයේ අල්ලස් හෝ දුෂණ, චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් විනිසුරුවරයා ඊයේ (02) සඳහන් කර සිටියේය.

ඒ අනුව කරුණු සලකා බලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එහිදී සැකකාර පෙත්සම්කරුවන්හට කිසිදු අගතියක් සිදුව ඇති බවට පෙනී යන්නේ නැතැයිද සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 19ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, බී. ඒ. ගොඩකවෙල හා පාලිත ප්‍රනාන්දු යන සැකකරුවනට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

2012 අගෝස්තු 07 වැනිදා හා 2015 ජනවාරි මස 08 අතර කාලයේ දී ඇවන්ගාඩ් මෙරිටයින් සර්විසර්ස් සමාගමට අයුතු සහගත හා නීතිවිරෝධීව අනුග්‍රහය දැක්වීමට පියවර ගැනීමෙන් රජයට රුපියල් කෝටි 1140ක් පාඩු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් සැකකරුවනට එරෙහිව චෝදනා නගා ඇත.

Loading...

RSL

Related Posts