Covid-19 මරණ 71ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දින කොවිඩ්-19 ආසාදිත මරණ 71ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (22) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මිය ගිය අය අතර කාන්තාවන් 38 දෙනකු සහ පිරිමින් 33 දෙනකු වන අතර ඔවුන්ගෙන් 57 දෙනකුම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ය. ඒ අතර කාන්තාවන් 32ක් සහ පිරිමින් 25 දෙනකු සිටී.

Continue Reading

ශ්‍රී ලංකන් සහ ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ‘කෝප් කමිටුව‘ හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. මෙම තීරණය ගනු ලැබුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේ සමාජිකයන්ගේ විශේෂ රැස්වීමේදීය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කෝප් කමිවුවේ රැස්වීම් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම …

Continue Reading

විදේශ ඇමැති දිනේෂ් ඉන්දිය විදේශ ඇමැති සමග හදිසි දුරකථන සංවාදයක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබදතා ඉහළ නංවා ගැනීමට මේ දක්වා දෙරට අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඵලදායි  වී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමඟ (ඊයේ) (21) පැවැති දුරකථන සංවාදයක දී සඳහන් කළේය. ඉන්දියාව මෙරටට ලබා දී ඇති මූල්‍ය ආධාර හා කොවිඩ් මර්ධන සහනාධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පිරිනමන බවද ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයාට දන්වා …

Continue Reading

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ‘අද’ එළවළු තොග හා සිල්ලර මිල දර්ශකය

ආර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු වල දෛනික මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද (22) දින සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන 11ක එළවළුවල තොග සහ සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් වීම සිදුවෙනවා. ආර්ථික මධ්‍යස්ථානවල එළවළු වල තොග සහ සිල්ලර මිල ගණන් පහත පළ වෙනවා.

Continue Reading

රු. කෝටි 100,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත  රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා  මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර  පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත …

Continue Reading

‘ඩෙල්ටා ආවේ කොහෙන්ද‘ කියලා අපි දන්නෑ – නි.සෞ.සේ.අ.ජ වෛද්‍ය හේමන්ත හේරත්

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවූ කොරෝනා වයිරස් ඩෙල්ටා ප්‍රභේදය (coronavirus Delta variant) ව්‍යාප්ත වූ ආකාරයට සහ එහි පැතිරීම හදුනා ගැනීම සදහා අඛණ්ඩව PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන්ට තවමත් පැහැදිලි නැති බවයි. මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර …

Continue Reading

ළමුන් අතර ‘නව පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය‘ නමින් බරපතළ රෝගයක් !

රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘදයට බලපාන වඩාත් බරපතල සංකූලතා ඇති විය හැකිය “ළමුන් තුළ බහු පද්ධති ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය “Multisystem inflammatory syndrome in children”  නමින් නව රෝගයක් රට පුරා පැතිර යන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අගවන අතර තම කුඩා දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති. රිජ්වේ ආර්යාව රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ළමා රෝග විශේෂඥ. වෛද්‍ය නාලින් …

Continue Reading

බස්නාහිර පළාතේ ‘සේවකයින් කැදවීම පිළිබඳ‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනයට

බස්නාහිර පළාතේ රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සේවා ස්ථානවල ධාරිතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා ලෙස වර්ගීකරණය කරන ලද රජයේ ආයතනවල ප්‍රධානීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයේ දක්වා ඇති සේවා ස්ථාන ධාරිතාව මත පදනම්ව සේවකයින් සහ නිලධාරීන් කැඳවිය හැකි බවයි. එසේම, අත්‍යවශ්‍ය නොවන …

Continue Reading

පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය

දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සහල් සංචිතයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සදහා දේශීය ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැදවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආහාර …

Continue Reading

මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට  යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය  ජුලි  මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය. ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති  සභානායක අමාත්‍ය දිනේෂ් …

Continue Reading