‘ඩෙල්ටා ආවේ කොහෙන්ද‘ කියලා අපි දන්නෑ – නි.සෞ.සේ.අ.ජ වෛද්‍ය හේමන්ත හේරත්

Spread the love

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවූ කොරෝනා වයිරස් ඩෙල්ටා ප්‍රභේදය (coronavirus Delta variant) ව්‍යාප්ත වූ ආකාරයට සහ එහි පැතිරීම හදුනා ගැනීම සදහා අඛණ්ඩව PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන්ට තවමත් පැහැදිලි නැති බවයි.

මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර රටවල් 70 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති බව ඔහු පැවසීය.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද පැවසුවේය, ‘‘ඩෙල්ටා ප්‍රභේදයේ පැවැත්ම සොයා ගැනීම සඳහා විවිධ ස්ථානවල පුළුල් ලෙස PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරවා. මෙම ප්‍රභේදය ප්‍රථම වරට දෙමටගොඩයේදී අනාවරණය වූ අතර එය වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වන්නට ඇතැයි සැකයක් තිබෙනවා. 

ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබියදී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසුවේ මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇතැයි යන බියක් පවතින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වයිරසයේ දෙවන රැල්ල වැඩිපුරම පැතිරෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ ඉහළ දැමීමට ද පිියවර ගත්තේය.

ඩෙල්ටා ප්‍රභේදය මතු වේ යැයි බියෙන් දෙමටගොඩ ආරාම පාර ඇතුළු සමහර ප්‍රදේශවල පූර්වාරක්ෂාව ගෙන ඇති බව ඔහු පැවසීය.

ආරාම පාරේ ඩෙල්ටා ප්‍රභේදය අනාවරණය වී ඇති බවට සැකයක් මතුවූ විට එම ප්‍රදේශය අගුලු දැමූ බව වෛද්‍ය විජයමුනි මහතා පැවසීය. මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකුගෙන් අනාවරණය වී ඇත. ඔවුන් අතර එකම පවුලේ තිදෙනෙකු ද සිටී.

දෙමටගොඩ ආරාම පාරේ සහ සිරිමුතු උයන ප්‍ර දේශයෙ හි ඇල්ෆා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයින් 35 දෙනෙකු සොයා ගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. 

නව ප්‍රභේදය ඇතුළුව කොරෝන වෛරසය හඳුනා ගැනීම සඳහා අහඹු ලෙස PCR පරීක්ෂණ කොළඹදී සිදුකරන බව වෛද්‍ය විජයමුනි මහතා පැවසීය.

“බොහෝ දෙනා PCR පරීක්ෂණයට ලක්වීමට මැලිකමක් දැක්වීම අපට ගැටලුවක්” ඔහු පැවසීය. 

ආචාර්ය හේමන්ත හේරත් මහතා පැවසුවේ PCR පරීක්ෂණයක ප්‍රතිඵලවල සැකයක් ඇත්නම් නියැදිය ජානමය අනුක්‍රමණය සඳහා යවන බවයි

Related Posts