‘වරාය නගර පනත සම්මත කර ගන්නට ආණ්ඩුවට මේ තරම් හදිසි ඇයි ?’ – ජවිපෙ නායක අනුර කුමාර
කොළඹ වරාය නගර සංවර්ධන පනතට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වල තීන්දුව ප්‍රකාශ කිරීමටත් පෙර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය තුළින් එහි භයානකකම තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ජවිපෙ නායකයා මේ අදහස් පවසා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය…. “ආණ්ඩුව විසින් පසුගිය අප්‍රෙල් …
Continue Reading
ආණ්ඩුවේ කොරා්නා පාලනයත් ‘ධම්මික පැණිය වගෙයි’ – බිමල් රත්නායක
‘අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය තම නොහැකියාව හා උද්ධච්ච හැසිරීම වසා ගැනීමට පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා‘‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී …
Continue Reading
ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් රැස්වේ
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී. එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් …
Continue Reading
රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ‘ලෝකයේ පළමු රට බවට’ ලංකාව පත් කරනවා
ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගා විමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. රසායනික පොහොර, කෘමිනාශක හා …
Continue Reading
ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට අගමැති චීන ආරක්ෂක ඇමතිගේ සහාය පතයි
ලොව පුරා ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ඉල්ලා සිටියේය. අද (28) අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුවිය. මෙහිදී අගමැතිවරයා මෙසේද පැවසුවේය. ගරු ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය …
Continue Reading
රටක් එක තැන පල් විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි – මහා සංඝරත්නය අවධාරණය කරති
රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති. බෞද්ධ උපදේශක සභාව අද (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කළහ. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි …
Continue Reading
ඩයනාගේ යෝජනාවට ගල් සහ මල් !
සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව දැන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ඉල්ලීමක් කළා. ඒ මත්පැන් අලෙවි සැල් නැතහොත් බාර් පෙ.ව 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු අතර කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු බවයි. තම අදහසට හේතු දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ අද රටේ ජනතාවට …
Continue Reading
මෙවරත් මැයි දින සැමරුම් නෑ
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙවර මැයි දින සැමරුම් නොපැවැත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. අදාළ තීණයට හේතු වශයෙන් බලධාරීන් දක්වා ඇත්තේ මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බවයි.
Continue Reading
අන්තර්ජාලය හරහා ‘මඩ ගැසීම්වලට නීති හදන්න’ කැබිනට් අනුමැතිය
අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.
Continue Reading
පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා විය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ …
Continue Reading