ඩයනාගේ යෝජනාවට ගල් සහ මල් !

Spread the love

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව දැන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ඉල්ලීමක් කළා. ඒ මත්පැන් අලෙවි සැල් නැතහොත් බාර් පෙ.ව 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු අතර කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු බවයි.

තම අදහසට හේතු දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

ඇය මෙසේද පැවසුවා, “කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතුයි. රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. අද රෙස්ට්ටුරන්ට් එකක මත් පැන් විකුණන එක තියෙන්නේ රෑ 11 වෙනකන් විතරයි. බාර් එකක්, වයින්ස්ටෝස් ඇරල තියෙන්නේ උදේ 09 ඉඳලා රෑ 09.00 වෙනකන් විතරයි. උදේ 09.00 කවුරුත් මත්පැන් ගන්න එන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා උදේ 10.00 සිටි රාත්‍රී 10.00 දක්වා ඇරල තියන්න ලයිසන් එක දියයුතුයි කියලා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි”

Related Posts