“අගමැති ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ” – වජිර අබේවර්ධන

ජනපතිවරයා ඉල්ලා අස්වන නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති කඩ කිරීම කිසිසේත් කළ නොහැකි බව පෙන්වා දුන් වජිර අබේවර්ධන කියා සිටියේ තමන් ඉවත්ව යාමට කැමැත්ත පළ කරන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. රටට නීතියක් අවශ්‍ය බවත්, …

Continue Reading

ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වන බව අගමැතිට දන්වයි

කලින් දැන්වූ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව අගමැති මාධ්‍ය අංශය වාර්තා කරයි. “සාමකාමී සංක්‍රාන්තියක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා” යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.අරගලකරුවන් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයට කඩා වැදී පැය කිහිපයකට පසු සෙනසුරාදා …

Continue Reading

රජයට නව කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය

2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නව බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. ඉහත පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත යටතේ කැසිනෝ කර්මාන්තය නියාමනය කරනු ලැබේ. කැසිනෝ ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු වුවද කිසිවකුට බලපත්‍ර නිකුත් කර …

Continue Reading

‘රජයේ ඉඩම් පෞද්ගලීකරණය බරපතල තර්ජනයක්’ – රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවට ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා ඊයේ (06) පැවසීය.22 වැනි සංශෝධනය ගෙන ඒමේ අනවශ්‍ය කඩිමුඩිය ගැනද හිටපු මහජන ආරක්‍ෂක ඇමැතිවරයා ප්‍රශ්න කළේය.මන්ත්‍රීවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කරන …

Continue Reading

අල්ලස් චෝදනා පරීක්ෂණ පැවැත්වීමට නියමිතව සිටින නිමල්ගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලයි.

තමන්ට එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන තුරු තාවකාලිකව ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම් දී තිබේ. ගුවන්සේවා අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගමක් අතර සිදුවූ ගණුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අඟහරුවාදා (05) පාර්ලිමේන්තුවේදී කරන ලද චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය …

Continue Reading

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රුසියාවෙන් සහය පතයි.

ඊයේ (06) පස්වරුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති දුරකථන සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහය වන ලෙස ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය. “අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීමේදී සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ප්‍රමුඛතාව දක්වන බවට අපි ඒකමතිකව එකඟ වූවා” “අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය …

Continue Reading

මුදල් ඇමතිකමින් රනිල් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශයක්

“අපි එන්න එන්නම අරගල කරනවා. අරගල කළ කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මම ආණ්ඩුවට ඇවිල්ලා දවස් 7යි. මම දැක්කා මේකේ මොකද වෙන්නේ කියලා. ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට රනිල් වික්‍රමසිංහ කරන මේ දේශපාලන ගේම් එක මෙතැනින් නවත්වන්න වෙනවා. මොකද එයාට ඩොලර් ගේන හැම ‌ප්‍රොජෙක්ට් එකක්ම නවත්වනවා. එයාට කිසිම ප්ලෑන් එකක් නැහැ රටේ කෑෂ් ෆ්ලෝ එක සම්බන්ධව. එයාට කිසිම ප්ලෑන් එකක් නෑ. මිනිස්සුන්ට …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැති හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳුදා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සමීප සබඳතාවයේ විවිධ මානයන් සමාලෝචනය කළේය. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් තෙදින සංචාරයක් සඳහා කොළඹට පැමිණ ඇත. ජයිශංකර් ට්වීටර් මාලාවක් හරහා දිවා කාලයේ ඔහුගේ විවිධ නියැලීම් විස්තර කළේය. “ශ්‍රී …

Continue Reading

ප්‍රධාන කරුණු 05ක් යටතේ TNA සහ ජනපති අතර සාකච්ඡා

ප්‍රධාන කරුණු 05ක් යටතේ දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡාවක් (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරමින් ඇති බව …

Continue Reading

දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබද පර්යේෂණ වාර්තාව එළිදකී

කාන්තා දේශපාලන සහභාගීත්වය පිළිබද ප්‍රතිපත්ති සහ භාවිතාවන් සිතියම්ගත කිරීම සදහා දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබදව One Text Initiative සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ෆින්ලන්තයේ දේශපාලන පක්ෂ යන ආයතනයන් විසින් ඉදිරිපත් කළ වාර්තාව කොළඹ දී එළිදැක්වීම පසුගියදා සිදු විය. ශ්‍රී ලංකා රජය විසින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා තමන්ගේ කැපවීම ප්‍රකාශ කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 06ක සහභාගීත්වයෙන් …

Continue Reading