වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රුසියාවෙන් සහය පතයි.

Spread the love

ඊයේ (06) පස්වරුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති දුරකථන සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහය වන ලෙස ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය.

“අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීමේදී සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ප්‍රමුඛතාව දක්වන බවට අපි ඒකමතිකව එකඟ වූවා” “අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීමේදී සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ප්‍රමුඛතාව දක්වන බවට අපි ඒකමතිකව එකඟ වූවා” යැයි ජනපති තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.

අතීතයේ ඇති වූ අභියෝග ජය ගැනීම සඳහා මෙතෙක් ලබා දුන් සහයෝගයට තම රුසියානු සහකරුට ස්තූතිය පළ කරන අතර, දැඩි ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ණය ආධාරයක් ලබා දෙන ලෙස ජනපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.
රුසියානු ගුවන් සේවය වන Aeroflot හි මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ නැවත ආරම්භ කරන ලෙස ජනපති ගෝටාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

RSL

Related Posts