ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වන බව අගමැතිට දන්වයි

Spread the love

කලින් දැන්වූ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව අගමැති මාධ්‍ය අංශය වාර්තා කරයි.

“සාමකාමී සංක්‍රාන්තියක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා” යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.අරගලකරුවන් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයට කඩා වැදී පැය කිහිපයකට පසු සෙනසුරාදා ජනාධිපති රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන නායකයින් සමඟ සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී ප්‍රකාශ කර ඇත්තේ ස්ථාවර ආණ්ඩුවකට පාර කැපීම සඳහා තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණිය බවට වාර්තා විය.දේශපාලන පක්ෂ නායකයින් ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි කථානායකවරයා සිය නිවේදනයේ සඳහන් කල බවට ප්‍රසිද්ධ මාධ්‍යයන්හි වාර්තා කර තිබිණි.

සාමකාමීව බලය පැවරීම සඳහා ජූලි 13 වැනිදා සිය ධුරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයා කථානායකවරයාට පවසා ඇති බවට වාර්තා වෙයි.

RSL

Related Posts