ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දීය රජය සැමවිටම උත්සාහ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසීය. ඔහු මේ බව පැවසූයේ තෙදින සංචාරයක් සඳහා කේරළයේ තිරුවානන්තපුරම් නුවරට පැමිණීමෙන් අනතුරුවය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ සරණාගත අර්බුදයක් මේ වන විට බව නොමැති ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳ මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු පැවසූයේ ශ්‍රී ලංකාවේ අර්බුදය හමුවේ ඔවුන් කුමක් කරන්නේ දැයි අපට බලා සිටීමට සිදුවනු ඇති” බවයි.

සරණාගත අර්බුදයක් තිබේදැයි ඔහුගෙන් ඇසූ විට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ “දැනට සරණාගත අර්බුදයක් නොමැත” යනුවෙනි.

ඔහු මේ බව පැවසූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවස වන ජනපති මන්දිරයට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට දහස් ගණන් කෝපාවිෂ්ඨ විරෝධතාකරුවන් කඩා වැදීමෙන් පසු ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයකට ඇද වැටී දිනකට පසුවය. ශ්‍රී ලංකා ජනපති හා අගමැති යන දෙදෙනාම සිය ධූර වලින් ඉල්ලා අස්වන බව පවසා ඇත.

නිදහසින් පසුව ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය හේතුවෙන් මේ සෑම ස්ථානයකම දිගු පෝලිම් දක්නට ඇත. ජීවන වියදම ඉහළ යාම හා ආහාර හා ඉන්ධනවල හිඟය හේතුවෙන් මෙරට ජනතාවගේ පීඩනය වැඩි වී ඇත.

ශ්‍රී ලංකාවට ඉන්ධන සහ පොහොර සඳහා ණයට අමතරව ඩොලර් බිලියන 3.5 කට වඩා වටිනා ආධාර සහ ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ආධාර ඉන්දියාව විසින් ලබා දෙමින් සිටී.

ඉරිදා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට දීර්ඝ කරන ලද ණය සහනය යටතේ සපයන ලද යූරියා මෙට්‍රික් ටොන් 44,000 කට වැඩි ප්‍රමාණයක් භාර දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අවධාරණය කළේ මෙම ආධාර තුළින් ශ්‍රී ලංකාවේ ගොවීන් ඇතුළු පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරන බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්