වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මියයයි

Spread the love

නාරා හි මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වේ.පපු සහ ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ දීර්ඝතම කාලයක් ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන ෂින්ෂෝ අබේ මියයන විට 67 වන වියේ පසුවිය.වෙඩි තැබීම හේතුවෙන් 41 හැවිරිදි හමුදා සාමාජිකයෙකු සැකකරු වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා ඇත්තේ තුවක්කුවක් රැගෙන මිනිසෙක් අබේ මහතාට පිටුපසින් දෙවරක් වෙඩි තබනු තමන් දුටු බවයි.

පලා යාමට කිසිදු උත්සාහයක් නොගත් ප්‍රහාරකයා ආරක්ෂක නිලධාරීන් විසින් රඳවාගෙන ඔහුගේ ආයුධය ලෙස අතින් සාදන ලද තුවක්කුවක් අත්අඩංගුවට ගෙන ඇත. මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු ජපානයේ නාවික හමුදාවකට සමාන වන ජපානයේ සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු බවයි. වාර්තාවලට අනුව රට පුරා සිටින ඇමතිවරුන්ට වහාම ටෝකියෝ වෙත ආපසු යන ලෙස පසුව දැනුම් දී ඇත.

RSL

Related Posts