සැලසුම් සහගත ඡන්ද පෙත්සම ඉල්ලා අස්කරගනී!
-
RSL
-
November 29, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
දේශපාලන සැලසුමක් මත පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක් වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක කිරීම වළක්වන්නැයි ඉල්ලා පුද්ගලයන් හයදෙනකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම …
Continue Reading
ඡන්දයට එක්වෙන්න අයවැය පරදවන්න – ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
පළාත් පාලන ඡන්දයට එක්ව තරග කිරීමට නම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැති රැස්වීමේදී මෙම තීන්දුවට එළැඹි බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට …
Continue Reading
අය-වැය ජන්ද විමසීම අවසන් වන තුරු එජාප මැති ඇමැතිවරුන්ට රටසවාරි බෑ
අය-වැය තෙවැනි වර ජන්ද විමසීම අවසන් වන තුරු විදේශ සංචාරවල නිරත නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදි පෙරේදා (27) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ දැනුම් දීම කෙළේය. කලින් ලැබුණු නිල ආරාධනාවලට අනුව සංචාරය කිරීමටද අවසර ලබා දිය නොහැකි බව අගමැතිවරයා මෙහිදි පවසා තිබේ. අයවැය තෙවැනි වර …
Continue Reading
තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවෙයි – ජනපති අවධාරණය කරයි
-
RSL
-
November 29, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, …
Continue Reading
මහවිරු සැමරුම සැමරූ අය සොයා ආරක්ෂ අංශ සීරුවෙන්
හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බවයි. ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Continue Reading
මහින්ද යළි කොන්ඩමයක් වේයැ’යි බියෙන් පසු බසී!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපක්රමශීලි දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේදී තමාට අත්කර දුන් ඉරණම යළිත් එලෙසම ලබාදේවියැ’යි බියෙන් ඔහු දේශපාලනික යළිත් පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එය ප.ප.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයකින් වඩාත් තහවුරු වේ. ආප්ප න්‍යාය …
Continue Reading
ජනපති විවේචනය කළ එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් ප්‍රහාරයක්!
දේශපාලනයේ දී වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) දැඩි ලෙස අවවාද කර ඇත. සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති …
Continue Reading
ඡන්දය කල් දමන පෙත්සමට එරෙහිව නීතිපතිගෙන් මෝසමක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ සභිකයින් සංඛ්‍යාව ප්‍රකාශ කරමින් පසුගිය පෙබරවාරි මස නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කර එම නිෙයා්ගයට අදාළ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (27) පෙත්සමක් ගොනු කළේය. එම රිට් පෙත්සම මෙම නොවැම්බර් මස 30 වැනිදා අධිකරණය හමුවේ කැඳවන …
Continue Reading
අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසමකට ගෙන ආවේ යහපාලනය නිසයි – සන්ධාන මහලේකම්
යහපාලන ආණ්ඩුවක් තිබෙන නිසා අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසම හමුවට ගෙනයැමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අගමැතිවරයකු මෙවැනි කොමිසමකට ගොස් කරුණු ඉදිරිපත් කළේ ප්‍රථම වතාවට බවත් එය රටට හොඳ ආදර්ශයක් බව ද අමරවීර මහතා පැවසීය. ලෝක ධීවර දිනය 21 දාට යෙදීම නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව එක්ව මීගමුව පළඟතුරේ හා කුට්ටිදූව …
Continue Reading
පුංචි ඡන්දයට පොහොට්ටුවෙන් දිස්ත්‍රික්ක 3 කට මුදල් ඇප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනක ආසන 16 ක් සඳහා අද ඇප මුදල් තැන්පත් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ගම්පහදිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩ යන නගර සභාවන්ට …
Continue Reading