කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …

Continue Reading

මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ …

Continue Reading

පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් එජාපයෙන් ගැලවී මෛත්‍රී සෙවණට එයි

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සිය …

Continue Reading

පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..

සරු ජනිත ක්‍රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා. පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල ජන රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා. “අශ්වයයි බූරුවයි එකතු වුනාම බිහි කරන්නෙ කොටළුවා. සරු ජනිත ක්‍රියාවලියක් නෑ. ජී එල් …

Continue Reading

විමල්ගේ මල් පිපෙයිද..?

තම ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ඊයේ (11) අධිචෝදනා පත්‍ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. අධිකරණ සිතාසි මත ඊයේ (11) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි …

Continue Reading

නගර සභාවේ රු.8000 ක මන්ත්‍රී පඩියකට මෙතරම් දඟලන රහස කුමක්ද..?

ගම් මට්ටමේ ජනතාවගේ බදු මුදල් හොරකම් කිරීමට නාස්තියට එරෙහිව හඬක් නඟනවා නම් හෝ ඔවුන්ට එරෙහිව අත උස්සනවා නම් එක වතාවක් හරි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව කලහගලදී පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයේදී “ගමේ බලය දූෂණයට, වංචාවට එරෙහිව පාවිච්චි කරන්නේ කෙසේද?” යන මැයෙන් පළාත් පාලන මැතිවරණයට …

Continue Reading

අගමැති, ජනපතිට එරෙහිව ගොස් යළි ඇනගනී! (විශේෂ)

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය. එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත් අගමැතිවරයා ඉන් නොනැවතී ඊයේ යළිත් වරක් ගල උඩ පහරමින් හත් පළේ ගා ගත්තේය. රනිල් වික්‍රමසිංහ යනු මහත්මා දේශපාලනයේ සංකේතයක් බවට …

Continue Reading

බරපතළ දූෂණ වංචා ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද කල්ලියේ හොරු රැසක් කොටු වෙයි

බරපතළ දූෂණ වංචා හොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල් .පීරිස් ගේ පක්ෂයේ අය බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පසුගියදා හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය. එක්සත් ජාතික පක්ෂයද අලි බබා සහ හොරු හතලිහ මෙන් හෙයින් ඔවුන්ටද ඡන්දය දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව …

Continue Reading

බැඳුම්කර වාර්තාව ගොසිප් වලින් හදපු එකක් නෙවෙයි, කවුද මේ වාර්තාව බොරු කරන්න හදන්නේ..

බැඳුම්කර වාර්තාව ව්‍යාජ බව පවසන සමහර උදවියම බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ආකාරය රටම දන්නා බවත් එම වාර්තාව ගොඩ නැගුනේ කොමිසම හමුවේ ගොනු කළ සාක්ෂි මත මිස අග තොට දි පවසන ලද ඕපාදූප මත නොවන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. “සමහර දේශපාලඥයෝ මේක …

Continue Reading

හොරා හොරා මහබැංකු හොරා; හොරා හොරා මහබැංකුව කඩපු එකා- පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (Video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයක් සිදු කරන අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් අද(10) පාර්ලිමේන්තුවේ හටගෙන ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව ආරම්භ වීමත් සමඟ “හොරා හොරා මහ බැංකු හොරා”,”හොරා හොරා මහ බැංකුව කඩපු එකා” යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තු සභාගර්භය මැදට පැමිණ දිගින් දිගටම විරෝධතා දක්වා ඇත. අප වාර්තාකරු පවසා සිටියේ, විරෝධතා පුවරු …

Continue Reading