නගර සභාවේ රු.8000 ක මන්ත්‍රී පඩියකට මෙතරම් දඟලන රහස කුමක්ද..?

Spread the love

ගම් මට්ටමේ ජනතාවගේ බදු මුදල් හොරකම් කිරීමට නාස්තියට එරෙහිව හඬක් නඟනවා නම් හෝ ඔවුන්ට එරෙහිව අත උස්සනවා නම් එක වතාවක් හරි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව කලහගලදී පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයේදී “ගමේ බලය දූෂණයට, වංචාවට එරෙහිව පාවිච්චි කරන්නේ කෙසේද?” යන මැයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සිය අපේක්ෂකයන් සංවිධානය කළ ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

පළාත් පාලන ආයතන මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් අටදාහයි. රුපියල් අටදාහක වැටුප අරගෙන ඩබල් කැබ් ගන්න, ගල් කොරි දාන්න, ටිපර් රථ ගන්න බැකෝ ගන්න පුළුවන් නම් ඇයි ඔබට බැරි. අපට රුපියල් අටදාහ ගාණේ මාස් පතා එකතු කරලාවත් අවුරුද්දක් ගත වෙද්දී ඩබල් කැබ් එකක් තියා අල්මාරියක්වත් ගන්න ලැබෙන්නේ නෑ. එහෙම නම් ඒ ගොල්ලෝ කොහොමද කරන්නේ.

මොකක්ද රහස. රහස වෙන මොකක්වත් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි නොකරන දෙයක් ඒ අය කරනවා ඒ තමයි හොරකම් කරන එක. ප්‍රාදේශීය සභාවල හිටපු සියයට 90කට වැඩි පිරිසක් එක්කෝ කොන්ත්‍රාත් කරනවා. නැතිනම් යාළුවෙක් ලවා කොන්ත්‍රාත් අරගන්නවා. මේක තමයි ඇත්ත. මේ තත්ත්වය වෙනස් නොකර කොහොමද හොරකම නවත්වන්නේ. පාර්ලිමේන්තුවේ හොරකම් නවත්වන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මම දැන් ඒ කෝප් කමිටුවේ සභාපතිනේ. මම දන්නවා එතැන වෙන දේවල්. ඒකෙන් කරන්න පුළුවන් හෙළිදරව් කරන්න විතරයි මෙන්න මේවා වෙනවා කියලා. ඒවා කරන්න ඉන්න කට්ටිය ට්‍රේනිං වෙච්ච කට්ටිය. ප්‍රාදේශීය සභාවේ ඉන්නේ ඒ සම්බන්ධයෙන් අට පාස් අය නම් මෙතැන ඉන්නේ උපාධිලාභීන්. වෙන දේවල්වලට නෙමෙයි හොරකමට පී.එච්.ඩී. ගහලා ඉන්නේ. ඒ හින්දා පාර්ලිමේන්තුවේ සිදුවෙන හොරකම් නවත්තන එක දැන්ම කරන්න බැහැ. නමුත් පොඩි තැනින් පටන් ගන්න පුළුවන්.

දැන් යූ.එන්.පී. එකේ මහත්තුරුන්ට ගමට ඇවිල්ල කියන්න පුළුවන් ද අපි යහපාලනය ගෙනාවා. අපි නාස්තිය දූෂණය නැවැත්තුවා. අපි හොරකම නැවැත්තුවා. අපි හොරකම් කරන්නේ නෑ. අපි හොරුන්ට දඬුවම් දෙනවා. ඒ හින්දා ඡන්දය දෙන්න කියලා. එහෙම කියන්න බැහැ. එහෙම කීවොත් එතැන ඉන්න පොඩි එකාලටත් හිනා යනවා. බැඳුම්කරේ බැඳුම්කරේ කියලා. පොඩි උන්ට පවා මතක් වෙනවා රනිල් මහත්තයා ඇවිල්ලා මාස එකහමාරක් යන්න කලින් දීපු ගේම.

මේ වන විට ජනාධිපතිතුමාගේ අතට පත් කරලා තියෙනවා බැඳුම්කර කොමිසමේ වාර්තාව. පෙන්න පෙන්න යනවා මෙන්න බැඳුම්කර වාර්තාව මගේ අතට පත් වුණා කියලා. ජනාධිපතිතුමා මේක බිත්තර රකිනවා වගේ රැක්කොත් ජනතාවට වෙන යහපත කුමක්ද? දැන් ඒ වාර්තාව රටට පාර්ලිමේන්තුවට හෙළිදරව් වෙන්න ඕන. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ යුක්තිය මෙන්ම සාධාරණත්වය.

දැන් පොහොට්ටුවේ මහත්වරුන් ඇවිල්ලා කියන්න තියෙන්නේ මොකද්ද හොරකම් කරන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ. පගාව ගන්නේ නෑ. වංචා කරන්නේ නෑ. ඒක හින්දා ඡන්දය දෙන්න කියලා කිව්වොත් අපිට හිනා යනවා. ඒ මොකද එතකොට අපිට වරායෙන් ගහපු හැටි මතක් වෙනවා. එයාර් ලංකා එක ගිලපු හැටි මතක් වෙනවා. මිහින් ලංකා කාපු හැටි මතක් වෙනවා. අධිවේගී මාර්ගයෙන් පාරවලින් කාපු හැටි මතක් වෙනවා. එයාලට කියන්න තියෙන්නේ මේ ඡන්දය මහ මැතිවරණයටත් ජනාධිපතිවරණයටත් වඩා භයානකයි කියලා. මේක හරියට ජනමත විචාරණයක් වගෙයි.

RSL

Related Posts