ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න එ.ජා.ප.යෙන් සජිත්ට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ (වීඩියෝ)
“අපි කොහොමත් සෑම අවස්ථාවකම මැතිවරණයකට සූදානමින් තමයි සිටින්නේ. මේ වනවිට අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරලා තිබෙන්නේ. එතුමා ජනාධිපති කරන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා එක්සත් ජාතික පක්ෂයෙන් කොන්දේසි රාශියක් මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කියලා. නමුත් එම ප්‍රචාරයේ කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම පක්ෂයේ සිදුකරන අභ්‍යන්තර කතාබහ පිටස්තරයට දියයුතු නැහැ. කෙසේනමුත් …
Continue Reading
ශ්‍රීලනිපයේ ප්‍රබලයින් දෙපලක් සජිත්ගේ සහයට
හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරු ඊයේ (02) දින එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග එක්වූහ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙදෙනා සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දක්වන බව ප‍්‍රකාශ කළහ. අතාවුද සෙනෙවිරත්න මහතා සබරගමුව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙසද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙසද එක්සත් ජනතා නිදහස් සන්ධාන යටතේ …
Continue Reading
රාජපක්ෂ පවුල් සමාගම ජනාධිපති සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයට අවසන් ගුලියත් අඹරා ගිල්ලවන්න දඟලයි
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නොහොත් රාජපක්ෂවරුන්ගේම පවුල් සමාගමේ පක්ෂයේ අයවලුන් වන මහින්ද, ගෝඨා, බැසිල් යන තුන් බෑ ජටිලයින් අද(28) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ඒ තම රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොහොත් මහින්දගේ මලයා වන ගෝඨාභයට අවශ්‍ය ශ්‍රීලනිපයේ සහය ලබාගැනීම සඳහාය. මේ දක්වා ශ්‍රීලනිපයත්, ජනාධිපති සිරිසේනවත් වලපල්ලට යවන සියලු ගැට ගසා අවසන් …
Continue Reading
මේ රටට අභාග්‍යසම්පන්න ලේ සොලවන කාලයක් නැවත උදාවෙන්න දෙන්නෙ නැහැ – ඇමති රවීගෙන් සහතිකයක්
“මේ රටේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ රටට පැහැදිළි නායකත්වයක් දෙන්න පුළුවන්, රට ගැන හැගීම්බරව කටයුතු කරන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ නායකයෙකු යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන දිනය වැඩි ඈතක නොවෙයි. විනයක් ඇතිව එකමුතු භාවයෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකි ආකාරයේ නායකයෙක් පත්කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. අපි අන්තවාදය තුළින් ඉතාමත් දුෂ්කරව ගමන් කළා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සජිත්, මංගලගේ මිදුලේ සිට තටමයි… විධායකය ගැන ඇසූ සැනින් කෙකරබායි.. හෙට යළිත් කෙබර බාන්න සූදානම්..
අගමැති රනිල් ඊයේ (16) එජාප කණ්ඩායම් හමුවේ ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරන බව. ඒ එක්ක පස්ස දැවිල්ල ගත්තේ සජිත්ගේ කල්ලියේ. පක්ෂ සමගිය බිඳිමින් පක්ෂය අරාජික කර එජාපය නම් අභිමානවත් සහ ප්‍රෞඩත්වයෙන් යුතු පක්ෂය කිලී මහරාජාගේ හා මෛත්‍රීපාලගේ දෙපා මුලට දාන්න වලිකන මේ කල්ලියේ පස්ස දැවිල්ල ගත්තේ වරදකාරී හැගීම් ඔවුන් වෙලාගෙන තියන …
Continue Reading
එජාප ජනපති අපේක්‍ෂකයා පුළුල් බලවේගයක් නිර්මාණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරන අපේක්ෂකයෙක් – එජාප නායක අගමැති රනිල් කෙළින්ම කියයි
එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්‍ෂකයාට සෙසු පක්‍ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට නාමයෝජනා බලාපොරොත්තු වන සියලූම අපේක්‍ෂකයන්ට තමා පවසන්නේ පක්‍ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග‍්‍රහණය …
Continue Reading
සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල
මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු …
Continue Reading
පොහොට්ටුවේ පිප්පිල්ල මත ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ සාකච්ඡා අසාර්ථක වන ලකුණු..!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. එම ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එකග වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ සඳහා එකගතාවය දක්‌වනු ඇති බවද සුමතිපාල මහතා සඳහන් කළේය. මේ වන විට දෙපාර්ශ්වය අතර …
Continue Reading
තනිව තරග කිරීමට සූදානම් – සන්ධාන මහලේකම් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වීමක් සිදු නොවුනොත් ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බව එම පක්ෂය පවසයි. සිය පක්ෂ මුලස්ථානයේ ඊයේ (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කළේය. එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර …
Continue Reading
ඒ සටන තවම අවසන් නැත..!
මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර සිටියේ පැවති මිනීමරු රාජපක්ෂ රෙජීමයෙන් රට නිදහස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් අත්පත් කරගැනීමටය. ඒ වෙනුවෙන් ජනප්‍රිය පක්ෂ දේශපාලනය වෙනුවට උන්වහන්සේගේ තේරීම වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙනවිත් සටන ජයග්‍රහණය කරවීමය. එහිදී ප්‍රධාන අපේක්ෂා වූයේ අත්තනෝමතික බලතල සහිතව මැරෙන තුරාවට ජනාධිපති වීමේ හැකියාව අත්පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. සමාජය …
Continue Reading