සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල

Spread the love

මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු මාධ්‍ය හමුවකදීය. මෙය ඊයේ (10) රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාර කාර්යාලයේදි පැවැතිවිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය සිසිර පින්නවල මහතා සඳහන් කර සිටියේ කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදි ප්‍රබල බවත්ය. සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ තෙවැනි ස්ථානයට බවත් මැතිවරණය තවම තීන්දු වී අවසන් නොමැති බවත් මෙය තාම සටනක් බවත් පැවසීය.

“මේ සමීක්ෂණයේ ප්‍රධානතම අරමුණ වුයේ දැන් ඇති ප්‍රවණතාවය හඳුනා ගැනිමයි. එකක් කියනවා අපි කොහොමත් දැන් අපේ පක්ෂය දිනලා තියෙන්නේ. ඒත් දිනපු ප්‍රතිශතය තමා දන්නේ නැත්තේ කියන එක. මේක තමා මට මේ සමීක්ෂණය කරන්න ප්‍රධාන හේතු වුණේ මේ කථාව කොච්චර දුරට ඇත්තද කියලා බලන්න.

මේ සඳහා මම 2015 සහ ඊට පෙර තිබු මැතිවරණයන් වල ප්‍රතිඵළ විශ්ලේෂණය කළා. ඒක එක්තරා විදිහකින් මගේ විනෝදාංශය. 2015 ඡන්ද ප්‍රතිඵළ අධ්‍යනය කරද්දි පෙනී ගියේ අපි හිතන තරම් පැහැදිලි හිතන තරම් ජයග්‍රහණයක් ඒ පක්ෂයට නැහැ කියලා. ඒක වෙන්න බැරි දෙයක්. ඒ නිසා කළ යුතු දෙයක් තමා මේ ගැන සමීක්ෂණයකුත් කරලා බලන එක කියලා මට හිතුනා. ඒ වෙනකොටත් පක්ෂ දෙකකින් ජනාධිපති අපේක්ෂකයෝ ප්‍රසිද්ධ කරලා තිබුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් වගේම එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරලා තිබුණේ නැහැ.

නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් නම් දෙකක් කථා වුණා. ඒ කරු ජයසුරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන. ඉතිං අපිට මෙහිදි උපකල්පනයන් වලට යමින් මේ සමීක්ෂණයට යන්න වුණා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

-ස්තූතිය අයිතියට-

RSL

Related Posts