එජාප ජනපති අපේක්‍ෂකයා පුළුල් බලවේගයක් නිර්මාණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරන අපේක්ෂකයෙක් – එජාප නායක අගමැති රනිල් කෙළින්ම කියයි

Spread the love

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත.

එම අපේක්‍ෂකයාට සෙසු පක්‍ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට නාමයෝජනා බලාපොරොත්තු වන සියලූම අපේක්‍ෂකයන්ට තමා පවසන්නේ පක්‍ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග‍්‍රහණය කළ නොහැකි බවත් පුළුල් බලවේග එකතු කරගත හැකි කි‍්‍රයාකාරී සැලසුමක් ඉදිරිපත් කරන ලෙසත් යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයන් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් අගමැතිවරයා හමුවී ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එජාප අපේක්‍ෂකයා ගැන මෙහිදී සාකච්ඡුා කළ මොහොතේදී අගමැතිවරයා ඉහත අදහස් පවසා තිබේ.

එජාපයෙන් ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ට මම පවසන්නේ දිනන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසයි. අපට තනිව දිනන්න බැහැ. සුළු පක්‍ෂ, සිවිල් සංවිධාන ආදී සියල්ල එකතු කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය යුතුයි. ඒ සියලූ කාරණා සලකා බලා අපේක්‍ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුකරනවා යැයිද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

එළැඹෙන ජනාධිපතිරවණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී නියෝජිතයන්ගේ අවධානයට ලක්වූ බවද එමෙන්ම 2015 ජනාධිපතිවරණයේදී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප‍්‍රශ්නයට සාකච්ඡුාමය දේශපාලන විසඳුමක් ලබාදීම යන ප‍්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැනද මෙහිදී සාකච්ඡුා වී තිබේ.

සාකච්ඡුාව පිළිබඳව අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ. ‘මෙම ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්‍ෂකයකු ඉදිරිපත් කළද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතුයි, එමෙන්ම ඉදිරියේදී ගොඩනඟන ආණ්ඩුවකදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය යැයි අමිල හිමියන් පවසා ඇත.

‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ම එකතුව ගොඩනැඟිය යුතු බවත්, ඒ සඳහා අපේක්‍ෂකයකු ඉදිරිපත් කොට කෙටි කලක් තුළ එම කටයුත්ත සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් මෙහිදී සමන් රත්නපි‍්‍රය මහතා ප‍්‍රකාශ කර ඇත.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල නාහිමි, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නපි‍්‍රය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, පි‍්‍රයදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

RSL

Related Posts