දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ විවෘත කරන අතරේ නෙළුම් කුළුණින් රු.බිලියන දෙකක් රාජපක්ෂලා හොරා කෑ හැටිත් ජනපති උත්සව සභාවේදීම කියයි (වීඩියෝ)

Spread the love

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා අතින්අද (16)පස්වරුවේ විවෘත කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකීය සංනිවේදනයේ නව පරිවර්තනයක් මෙන්ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් බවයි.

ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටුවනවා සේම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබිණි.

එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වනදින රාජපක්ෂ රජය චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකිබවය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම්දී තිබේ.

ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි විය.

එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.

ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමාවිය.

එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී.

2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමටසිදුව ඇත.

එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබේ. මෙවන් පසුබිමක නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරිකර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.

ඒ අනුව ඉදිකෙරුණු නෙථම් කුලූනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වනඅතර, මීටර් 356 ක උසකින් යුක්ත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව , කුලූනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලූනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණවේ.
එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ.

මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන්විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත්වේ.

මෙම කුලූන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම්ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් ලැබිණි.

ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසුසිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මෙම නිමැයුම උදා කළේ ය.”

RSL

Related Posts