ජනපති සිරිසේන බයේ කට්ටි පනිද්දී, බය නැති අගමැති රනිල් තවත් කොමිසමක් හමුවට

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපැමිණ රට වටේ වැල් බයිලා ගසමින් යද්දී එදා මෙදා තුර බලය ඇතිදාත්, නැතිදාත් විවිධ චෝදනාවලට සහ ගැරහුම් වලට ලක්වෙමින් අධිකරණ, කොමිසම් සභාවලට නොබියව මුහුණ දුන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(16) තවත් කොමිසම් සභාවක් ඉදිරියේ නොබියව සාක්ෂි දීමට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලය ඇතැතිව එම බලය අවභාවිතා නොකරමින්, ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරමින් මෙලෙස කොමිසම් සභා හමුවේ සාක්ෂි කැඳවීමකදී ඊට සහභාගී වීම අප කුමන දේශපාලන මත වාද දැරූවට අගය කළ යුතු ප්‍රශංසනීය කටයුත්තකි.

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිලි 3 ක් තමන් විසින් නම් කළත් ඒ සඳහා රාජගිරියේ පිහිටි ඞී. පී. ජේ. ගොඩනැගිල්ල තෝරා ගත්තේ එවකට කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (16 දා) ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.

2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති වංචා ¥ෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එම කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ රැුස්විය. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ඞී. පී. ජේ. ගොඩනැගිල්ල ලබා ගැනීමේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පිළිබඳ විභාගය වැඩිදුරටත් සිදුවූ අතර එහිදී සාක්‍ෂි ලබාදෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය ආංශික කාර්යාංශය පිහිටුවීම සඳහා ලබා ගැනීමටත් ඒ සඳහා ළඟම තිබෙන ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත් තීරණය කළා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ සඳහා ගොඩනැගිලි තුනක් නම් කළා. එම ගොඩනැගිලි තුන අතරින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ඞී. පී. ජේ. ගොඩනැගිල්ල තෝරා ගත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බව සඳහන් කළ අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා කඩිනමින් ගොඩනැගිල්ලක් ලබා ගැනීමට සිදුවූ බැවින් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය අනුගමනය නොකළ බවයි.

ඞී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීම නිසා රුපියල් බිලියන 2.1 කට ආසන්න මුදලක් වැයවීම පිළිබඳව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා විමසා සිටි අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ එහෙම වියදමක් යයි කියලා තමා නොසිතූ බවයි.

අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොලන්ඞ් පෙරේරා මහතා කෘෂිකර්ම ඇමැතිවරයා පිළිබඳ වගකීම තිබෙන්නේ කාටද යන්න පිළිබඳව අගමැතිවරයාගෙන් විමසා සිටි අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ සභාග ආණ්ඩුවේ එ.ජා. පෙරමුණේ ඇමැතිවරුන්ගේ වගකීම තමා දැරුවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන්ගේ වගකීම දැරුවේ ජනාධිපතිතුමා විසින් බවයි.

RSL

Related Posts