එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු කෙනා කරූ ජයසුරියයි – මහා සංඝරත්නය එක් හඬින් වදාරති

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවත් අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදීම වඩා සුදුසු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය ඊයේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

කරූ ජයසුරිය මහතා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවත් ඔහුට මේ වන තෙක් ඇඟිල්ල දිගු කිරීමට කිසිදු වරදක් නැති බව එහිදී අදහස් දැක්වු ඓතිහාසික සුදුහුම්පොළ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනජෝති හිමි පැවසීය.

මේ මොහොතේ දී රට ජාතිය ආගම හා පක්ෂය ගැන සළකා ජනාධිපති අපේක්ෂකත්වය කරූ ජයසුරිය මහතාට ලබා දීම වඩා සුදුසු බව අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කළ යුතු බවත් උන්වහන්සේ පැවසීය.

RSL

Related Posts