ද. කොරියාවේ මැග්නිටියුට් 5.5 ක භූමි කම්පා 4 එකදිගට

දකුණු කොරියාවේ දකුණුදිග වෙරළ අසලට බලපෑ මැග්නිටියුට් 5.5 ක අගයකින් යුතු භූමිකම්පා තත්වයක් අද උදෑසන සිට ඇතිවූ බව විදෙස් පුවත් වාර්තා කරනවා. Yonap news agency ය වාර්තා කරන අන්දමට දකුණුදිග වෙරලේ Pohnag port city සිට කිලෝ මීටර් 6ක් දුර ප්‍රදේශයට භූමිකම්පාව බලපා ඇති බව පැවසෙනවා. කිලෝ මිටර් 300 ක් දුරින් පිහිටා ඇති සෝල් අගනුවර පදිංචිකරුවන්ට එම භූමිකම්පාව දැනුණු බව සහ …

Continue Reading

රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයට මිලියන 100ක්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත්වීම මත රුපියල් මිලියන 100ක මුදලින් ඓතිහාසික රත්නපුර සමන් දේවාලයේ වසර ගණනාවක් අලුත්වැඩියා නොකළ වහලය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළේය. ඒ වෙනුවෙන් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි. මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පසු බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වුණු රත්නපුර මහ …

Continue Reading

සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කරන – අධ්‍යාපනය,වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරන වැඩපිළිවෙලක්

රජය අධ්‍යාපනයට මුල්තැන දෙමින් රජයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මෙවර අයවැයෙන් සුබසාධනයට වෙන් කළ මුදල කිසිලෙසකින් කපා නැතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. විසර්ජන පනත් කෙටුම්පත 2018 – අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය. මෙය සංවර්ධනය ආර්ථිකය සීග්‍ර ලෙස වර්ධනය කරන අයවැයක්. එය …

Continue Reading

දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟනවා – ජනපති කියයි

රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් බිඳවැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ …

Continue Reading

අයවැයෙන් වාහන මිල වෙනස් වෙන හැටි

සුසුකි වැගන් ආර් බදු රු.ලක්‍ෂ 4 කින් බසී – හොන්ඩා ෆිට්‌ ලක්‍ෂ 7 ත් ලක්‍ෂ 54 ත් අතර මිලකින් නගී අයවැය මගින් ඩීසල් සහ පෙට්‍රල් වාහන සඳහා වූ රේගු බදු සංශෝධනය කිරීම අනුව ‘සුසුකි වැගන් ආර්’ මෝටර් රථ සඳහා වූ රේගු බදු රුපියල් ලක්‍ෂ තුනත් හතරත් අතර මිලකින් අඩුවන අතර හොන්ඩා ෆිට්‌ ඇතුළු අනෙකුත් මෝටර් රථවල රේගු බදු රුපියල් ලක්‍ෂ …

Continue Reading

ඊ නිව්ස් වාරණය මහින්ද ගිය පාරේම යෑම ආරම්භ කිරීමක්!- තරුණ ජනමාධ්‍යවේදීන් ජනපතිට ලියයි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කිරීමෙන් ජනාධිපතිවරයා පෙන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ ගිය පාරේම තමාද යන බව යැයි කියමින් ලංකා ඊ නිවුස් වාරණය සහ ජනමාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු හෙළිදරව් කිරීමක් කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනතාවට ඇහුම්කන් දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ. 2017 නොවැ 09 මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති, ජනාධිපති ලේකම් …

Continue Reading

අද සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල්

අද (10) සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල් ලබා ගත හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. පෙරේදා (8) රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට ළඟා වූ නෙවෙස්කා ලේඩි ඉන්ධන නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා …

Continue Reading

‘ලංකා ඊ නිව්ස්’ වාරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හඬ නඟයි

ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල වාරණය කිරීමට මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ගත් පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, ජනමාධ්‍ය ඇමැතිගෙන් සහ ටෙලිකොම් බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම …

Continue Reading

උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!

සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …

Continue Reading

අවුරුදු 100 ඉක්ම වූ “350 දෙනෙක්” ශ්‍රී ලංකාවේ

වයස අවුරුදු සියය ඉක්ම වූ වයෝවෘද්ධ පුද්ගලයන් 350 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එවැනි වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීම කිසියම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙසින් සැලකෙන බව ද කැබිනට් මණ්ඩල තීන්දු දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා (Help Age Sri …

Continue Reading